රාජනී ඝාතනය කරන විට ඇයගේ වයස අවුරුදු 35 ක් පමණි. ඇය අකාලයේ ඝාතනය ට ලක් නොවුයේ නම් අද අවුරුදු 72 නි උපන් දිනය සමරනු ඇත.
ඒ ඛේදජනක කාල පරිච්චේදය තුල ලංකාවේ ප්‍රචණ්ඩත්වය නිසා දිවි අහිමි වුවන්ගේ සිය දහස් ගනන් පවුල් වල සාමාජිකයන් කොතරම් වේදනාවක් විඳින්නට ඇත්දැයි මට සිත ගැනීමට හැක්කේ එම වේදනාව තුනී නොවන බව මගේ ම අත්දැකී තුලින් මා දන්නා බැවිනි.
රාජනී ගේ සදා නොමැකෙන මතකය සමග ඇය දින පතා නැවත නැවතත් මගේ ගතෙහි සහ සිතෙහි උපත ලබමින් නික්ම යයි. එය යථාර්තයේදී මායාකාරී වුවත්, එතැන පවතින සැනසීම අප විසින් එදා ගොඩ නැගු මනුෂ්‍යත්වයේ පදනමට නැවත නැවතත් සවියක් ගෙන එයි.

ඔබගේ වියෝව නිසා පවුලක් වශයෙන් අපට සිදු වූ පාඩුව වචනවලට හැර විය නොහැකිය. මවක් නැති දුවරුන් දෙදෙනෙක් සහිත ව අවතැන් වූ කුඩා පවුලක් ගොඩ නැගුනේ ඔබ දායාද කොට ගිය ශක්තිය සහ අභියෝග වලට මුහුණ දීමේ හැකියාව අපේ දිවි ගමන තුල පුනරාවර්තනය කිරීමට හැකි වූ බැවිනි.

අපට සිදු වූ පාඩුව කෙසේ වෙතත්, රාජ්‍ය ත්‍රස්තවාදය මෙන්ම ද්‍රවිඩ උන්නති කාමීන්ගේ ත්‍රස්තවාදය විසින් ජනතාව බරපතල පීඩාවකට හසු වූ යුගයක ඔබ ජීවිතය පරදුවට තබා පෙනී සිටීම ඔවුන්ගේ මුලික ප්‍රජාතන්ත්‍රවාදී අයිතීන් ගේ අනුලංඝනියබව ආරක්ෂාකිරීමට ඔබ උපතින්ම ගෙන එනු ලැබූ ධෛර්ය සහ නිර්භීතකම ගැන අපි ඔබට ඇත්තේ නොසෙල්වන ගෞරවයකි.
රාජනී ඔබට සුමිහිරි උපන් දිනයක්!!!
(උපුටා ගැනීම – Dayapala Thiranagama ෆේස්බුක් පිටුවෙන්..)




