ආපදාවෙන් පසු දරුවන්ගේ මානසික සුවය රැකගැනීම වැඩිහිටි සැමගේ වගකීමක් – සරෝජා පෝල්රාජ්

0
11

පවතින ආපදා තත්ත්වයෙන් පීඩාවට පත් දරුවන්ගේ මානසික සෞඛ්‍යය ආරක්ෂා කිරීම සහ ඔවුන්ගේ සිත් නැවත නොපෑරෙන ලෙස කටයුතු කිරීම වැඩිහිටියන්ගේ ප්‍රමුඛ වගකීමක් බව කාන්තා සහ ළමා කටයුතු අමාත්‍ය සරෝජා සාවිත්‍රි පෝල්රාජ් පවසන්නීය.

ඊයේ (17) අමාත්‍යාංශයේ පැවති විශේෂ මාධ්‍ය සාකච්ඡාවකට එක්වෙමින් ඇය මේ බව සඳහන් කළාය.

ආපදා තත්ත්වයෙන් පසු පාසල්, පෙර පාසල්, මුල් ළමාවිය සංවර්ධන මධ්‍යස්ථාන සහ දිවා සුරැකුම් මධ්‍යස්ථාන වැනි දරුවන් ගැවසෙන ස්ථානවලදී ගුරුවරුන් සහ පාලිකාවන් දරුවන් සම්බන්ධයෙන් අනුගමනය කළ යුතු ක්‍රියාමාර්ග පිළිබඳව මෙහිදී විශේෂ අවධානයක් යොමු කෙරිණි.

විශේෂයෙන්ම ජාතික ළමා ආරක්ෂක අධිකාරිය (NCPA) මඟින් ප්‍රකාශයට පත් කර ඇති “දරුවන් සඳහා මානසික ප්‍රථමධාර” සහ හදිසි ආපදා තත්ත්වයන්හිදී ළමා ආරක්ෂාව තහවුරු කරන ක්‍රියාකාරකම් ඇතුළත් මාර්ගෝපදේශ අත්පොත පිළිබඳව ද මෙහිදී කරුණු පැහැදිලි කෙරිණි.

මෙම අවස්ථාවට ජාතික ළමා ආරක්ෂක අධිකාරියේ මනෝ සමාජයීය අංශයේ වැඩබලන සායනික මනෝ විද්‍යාඥ ප්‍රියංගිකා රත්නායක  ද එක්ව සිටි අතර, ආපදා තත්ත්වයකින් පසු දරුවකුට අවශ්‍ය වන මානසික සහයෝගය ලබාදීමේ වැදගත්කම පිළිබඳව ඇය වැඩිදුරටත් අදහස් දැක්වූවාය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here