පාසල් දැරියක් අපයෝජනය කළ පුද්ගලයෙකුට වසර 25ක සිර දඬුවම්

0
8

මීට වසර 11කට පෙර, හතර වැනි ශ්‍රේණියේ ඉගෙනුම ලබමින් සිටි දැරියක් පාසල් වෑන් රථයක් තුළදී බරපතල ලෙස ලිංගික අපයෝජනයකට ලක් කළ 68 හැවිරිදි පුද්ගලයෙකුට බරපතළ වැඩ සහිත වසර 25ක සිරදඬුවමක් ඊයේ නියම කෙරිණ. කොළඹ මහාධිකරණ විනිසුරු ආර්.එස්.එස්. සපුවිද නඩුවේ තීන්දුව ප්‍රකාශයට පත් කරමිනි.
එලෙස සිරදඬුවම් නියම වූයේ ජනප්‍රිය පාසලකට දරුවන් ප්‍රවාහනය කරන පාසල් වෑන් රථයක රියැදුරෙකු ලෙස සේවය කළ එක්දරු පියෙකුටයි.

සිරදඬුවමට අමතරව රුපියල් 30,000ක දඩයක් සහ වින්දිත දැරියට රුපියල් ලක්ෂ 5ක මුදලක් වන්දි ගෙවීමටද ඔහුට නියෝග කෙරිණ.
එම දඩ සහ වන්දි මුදල් නොගෙවන්නේ නම් අමතර සිරදඬුවම්ද නියම කර තිබේ.

News 1st

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here