ඌව පළාත් සභාවේ නව ප්‍රධාන ලේකම්වරිය වැඩ භාරගනී

0
50

ඌව පළාත් සභාවේ ප්‍රධාන ලේකම් ලෙස පත්වු අනුෂා ගෝකුළ ප්‍රනාන්දු සිය තනතුරේ වැඩ බාරගැනීම අද (04) පළාත් සභාවේ ප්‍රධාන ලේකම් කාර්යාලයේදි සිදුවිය.

ශ්‍රී ලංකා පරිපාලන සේවයේ විශේෂ ශ්‍රේණියේ නිලධාරිනියක වන ඇත බස්නාහිර පළාත් සභාවේ අධ්‍යාපන,සංස්කෘතික හා කළා කටයුතු,ක්‍රීඩා හා යෞවන කටයුතු සහ තොරතුරු තාක්ෂණය පිළිබඳ අමාත්‍යාංශයේ ලේකම්වරිය ලෙස සේවය කරමින් සිටියදි ඌවේ ප්‍රධාන ලේකම් තනතුරට පසුගියදා පත්විය.

මානව ප්‍රේමීය ජන සමාජයක් උදෙසා “ඌව එකට” සංකල්පය පෙරදැරි කරගෙන ආණ්ඩුකාරවරයා ප්‍රමුඛ සියලු නිලධාරින්ගේ සහයෝගය සංවිධාන ශක්තිය කැපවීම සමග අන් සියලු පළාත් වලට ආදර්ශයක් වෙමින් විශිෂ්ටතම ජනතා හිතවාදි පරිපාලනයක් ගොඩ නගිමින් ‌‌ඓතිහාසික ඌව වෙල්ලස්ස ගොඩ නැගීමට සිය උපරිම දායකත්වය ලබාදෙන බව ඇය නිලධාරින් හමුවේ ප්‍රකාශ කරන ලදි.

1970 මාර්තු 12 දින උපත ලද අනුෂා ගෝකුළ මහත්මිය 2000  වසරේදි ශ්‍රී ලංකා පරිපාලන සේවයට 
එක්ව මේ දක්වා රජයේ අමාත්‍යාංශ, දෙපාර්තමේන්තු, සංස්ථා හා ආයතන රැසක ප්‍රධාන තනතුරු රැසක් දරා තිබේන පරිණත කළමණාකරන වේදිනියකි, 

ඇය මාධ්‍යවේදිනියක, නිදහස් ලේඛකයෙකු, උපදේශකයෙකු, කථිකාචාර්යවරියක, සම්පත්දායකවරියක සහ විවිධ විෂය ක්ෂේත්‍රයන්හි මනා දැනුමකින් කටයුතු කරමින් ග්‍රන්ථ 45 කට වැඩි ගණනක කතෘවරියකද වේ.

රාජ්‍ය සේවය තුළ ඇය අධ්‍යක්ෂ ජනරාල් මිනිස්බල හා රැකියා දෙපාර්තමේන්තුව,අතිරේක ලේකම් අධ්‍යාපන අමාත්‍යාංශය,සංස්කෘතික කටයුතු අධ්‍යක්ෂ, සමාජ සේවා අධ්‍යක්ෂ, ග්‍රාම සංවර්ධන හා පුහුණු පර්යේෂණ ආයතනය නියෝජ්‍ය අධ්‍යක්ෂ,ග්‍රාම සංවර්ධන අභ්‍යස හා පර්යේෂණ ආයතනයේ වැඩබලන අධ්‍යක්ෂ,සභාපති ජාතික චිත්‍රපට සංස්ථාව,අතිරේක ලේකම්,‍ ධීවර අමාත්‍යාංශය,නියෝජ්‍ය ප්‍රධාන ලේකම් බස්නාහිර පළාත් සභාව, ආදි විවිධ ආයතන වල ප්‍රධාන තනතුරු රාශියක් දරමින් කටයුතු කර තිබේ.

adaderana

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here