Clean Sri Lanka නීති දාලා බලෙන් ක්‍රියාත්මක කරන්න බැහැ – අග්‍රාමාත්‍ය හරිනි

0
41

Clean Sri lanka වැඩසටහන, නීති යොදා බලෙන් ක්‍රියාත්මක කළ හැකි වැඩසටහනක් නොවන බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය පවසනවා.

Clean sri lanka වැඩසටහන පිළිබඳ පාර්ලිමේන්තුවේ දෙදින විවාදයේ පළමු දිනයේ (21) අදහස් දක්වමින් අග්‍රාමාත්‍යවරිය මේ බව සඳහන් කළා.

වැඩිදුරටත් අදහස් දැක් වූ අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය,

“පාර්ලිමේන්තුවේ රැස්වුන දවසේ ඉඳන්ම මම කල්පනා කළා මේ විපක්ෂයේ කාර්යභාරය මොකක්ද කියලා සහ මේ විපක්ෂය මොන අරමුණකින් කතා කරනවද? මොකක්ද ඒගොල්ලන්ගේ සැලැස්ම කියලා තේරුම් ගන්න. විපක්ෂය කියන කාරණා පිලිබඳ ඔවුන්ට කිසිම බරපතලයක් නැහැ. කිසිම හේතුවක් නැතුව කෑගහනවා, පාර්ලිමේන්තුවේ තියෙන ගරුත්වයවත්, පාර්ලිමේන්තු විවාදය මොකක් වෙනුවෙන්ද කියලවත් තේරුම් ගන්න බැරි විපක්ෂයක් බවට පත්වෙලා.

ක්ලීන් ශ්‍රී ලංකා වැඩසටහන තුළ අපේ ප්‍රධාන අරමුණක් වෙලා තියෙන්නේ මේ රටට අවශ්‍ය පරිවර්තනයට මේ රටේ ජනතාව සහභාගී කර ගැනීම.
පරිවර්තනීය වෙනසක් සිද්ධ කරන එක ආණ්ඩුවකටවත්, රජයේ නිලධාරීන්ටවත් තනියෙන් කරන්න පුළුවන් දෙයක් නෙවෙයි. ඒකට ජනතාවගේ සහභාගිත්වය අවශ්‍යයි.

ජනතාවගේ එකඟතාවය අවශ්‍යයි, ජනතාව තුළ සංවාදයක් අවශ්‍යයි සිදු කළ යුතු පරිවර්තනය කුමක්ද ඒ පරිවර්තනය කෙසේ විය යුතුද යන්න තීරණය කිරීමට. අපේ ආණ්ඩුව කියන්නේ ජනතාවාදී ආණ්ඩුවක්, ජනතාවාදී ආණ්ඩුවක් වැඩ කරන සංස්කෘතියක් තියෙනවා. ඒකට ජනතාවත් සහභාගී වෙනවා.”

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here