චීන අලුත් අවුරුදු සැමරුමට අගමැතිනියත් එක්වේ

0
39

මහජන චීන සමූහාණ්ඩුවේ අලුත් අවුරුද්ද සැමරීමට සමගාමීව ශ්‍රී ලංකාවේ චීන තානාපති කාර්යාලය හා චීන සංස්කෘතික හා සංචාරක

අමාත්‍යංශය එක්ව චීන අලුත් අවුරුදු උත්සවය සැමරීමේ වැඩසටහනක් කොළඹදී ඊයේ (19) පැවැත්විණ.

එහි සමාරම්භක උළෙල කොළඹ සිනමන් ලයිෆ් හෝටලයේදී පැවතියේ අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය ගේ ප්‍රධානත්වයෙනි.

ජනාධිපති අනුර කුමාර දිසානායක චීන අලුත් අවුරුදු උත්සවය වෙනුවෙන් නිකුත් කළ සුබ පැතුම් පණිවිඩය අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය උත්සව සභාවට ඉදිරිපත් කළාය.

චීන සංස්කෘතිකාංග සමගින් වර්ණවත් වූ මෙම සැමරුම් උත්සවයට හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන, හිටපු අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන, කර්මාන්ත අමාත්‍ය සුනිල් හඳුන්නෙත්ති, මුදල් හා ක්‍රමසම්පාදන නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය හර්ෂණ සූරියප්පෙරුම, ශ්‍රි ලංකාවේ චීන තානාපති, අග්‍රාමාත්‍ය ලේකම් ප්‍රදීප් සපුතන්ත්‍රි ඇතුළු ශ්‍රී ලාංකිකයන් සහ චීන ජාතිකයින් පිරිසක් එක්ව සිටියහ.

මේ වැඩසටහන හර්නෑන් පළාතේ ජ’ංජෝ (Zhengzhou) නගරයේ සංස්කෘතිය පිළිබඳ නගර කාර්යාංශය, සිචුවාන් සංචාරක සරසවිය, මෙරට චීන සංස්කෘතික මධ්‍යස්ථානය, පොර්ට් සිටි කලම්බෝ පුද්ගලක සමාගම හා සිනමන් හොටේල් ඇන්ඩ් රිසෝට් පුද්ගලික සමාගම විසින් සංවිධානය කර තිබිණි.

අලුත් අවුරුදු සැමරුමට සමගාමීව Henan Art Troupe සහ Sichuan Chef Team හි 34 දෙනෙකුගෙන් සමන්විත දූත පිරිසක්ද ලංකාවට පැමිණ සිටී.

ජනවාරි 20 සිට 23 දින දක්වා “චීන ආහාර සැණකෙළිය” හා “වරාය නගර චීන සංස්කෘතික රාත්‍රිය” පැවැත්වීමට ද කටයුතු සංවිධානය කර ඇත.

srilankamirror

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here