පළාත් පාලන ආයතනවලට සභිකයන් පත්වීමේදී 25%ක් කාන්තාවන් පත් විය යුතු වුවත්, ආයතන හතළිස් හයක එම තත්ත්වය නොමැති බව පැෆ්රල් සංවිධානය සඳහන් කරයි.
ආයතන හතළිස් හයක් සැලකීමේදී කාන්තා නියෝජනය 25%කට අඩු වුවත්, 2018 වසරේ සිට කාන්තා නියෝජනය 25%ක් අනිවාර්යයෙන් විය යුතු බවද එම සංවිධානයේ විධායක අධ්‍යක්ෂක රෝහණ හෙට්ටිආරච්චි සඳහන් කළේය.
2018 වසරේ පැවැති ඡන්ද විමසීමේදීත් පොදුවේ තෝරා පත්වූයේ 23.8%ක කාන්තා නියෝජන ප්‍රතිශතයක් බවද හෙතෙම පැවසීය.
පවතින නීතිරීතිවලට අනුව තේරීපත් වූ සභිකයෙකු ඉල්ලා අස්වුවහොත් ලැයිස්තුවෙන් කාන්තාවකට අවස්ථාව ලබාදිය හැකි බවද ඔහු සඳහන් කළේය.
මේ නිසා යම් ඉල්ලා අස්වීමකදී කාන්තා නියෝජනය 25% නොමැති ආයතනවලට කාන්තාවන් පත්කරනු ඇතැයි සිතන බවද රෝහණ හෙට්ටිආරච්චි සඳහන් කළේය.
( ada.lk | ඉන්දික හේවාවිතාරණ)
මෙම පුවතට අදාලව මෙම ලිපියත් කියවන්න :
සල්ලිවලට, ගජමිතුරුකම්වලට පිරිමි රිංගවන 25% කාන්තා කෝටාවේ හිදැස් | Abhisheka Wasalabandara