ජනරජ දිනය සහ සිරිමාවෝ බණ්ඩාරනායක අගමැතිණියගේ 109 වන ජන්ම දිනය නිමිති කරගෙන නොමිලේ පැවැත්වෙන දේශීය වෛද්‍ය සායනයක්
සහ ජ්‍යෝතිෂ කඳවුරක් අද (22 බ්‍රහස්පතින්දා ) උදෑසන 9.00 සිට හවස 3.00 දක්වා ප්‍රවීණ ආයුර්වේද වෛද්‍යවරුන්ගේ ද, ඉන්දික තොටවත්ත ඇතුළු ප්‍රවීණ ජ්‍යෝතිෂවේදීන්ගේ ද සහභාගිත්වයෙන් හොරගොල්ල බණ්ඩාරනායක අනුස්මරණ පුස්තකාලය සහ සංස්කෘතික මධ්‍යස්ථාන පරිශ්‍රයේදී පැවැත්වේ.
ඒ සඳහා උනන්දුවක් දක්වන ඔබ සියලු දෙනාට උදෙන් ම පැමිණ එම සේවාවන් ලබාගන්නා ලෙස සංවිධායකයින් ආරාධනා කර සිටියි.
CBK පදනමේ සංවිධායකත්වයෙන් පැවැත්වෙන මෙම වැඩ සටහන සඳහා ප්‍රචාරණ සහයෝගය ලබාදී ඇත්තේ අත්තනගල්ල ප්‍රාදේශීය සංස්කෘතික බලමණ්ඩලය යි.
