Toxic බවට ආදරය කිරීම

    0
    22


    සම්බන්ධතාවයක් ඇතුළත කෙනෙක් ඔබට දිගින් දිගටම රිදවනවා නම්, ඔබව නොසලකා හරිනවා නම්, ඒ වගේම manipulate කරනවානම්, ඔබේ නියමිත වටිනාකම ඔබට ලබන්න නොදෙයි නම් කල යුත්තේ කුමක්ද? සරලවම එම සබදතාවයෙන් ඉවත් වීමයි! නමුත් මෙම තත්ව වලිනුත් ඔබ්බට ගිහින් තමන්ගේ partner කුණුහරපයෙන් බැණ වදිද්දී, කායිකව සහ මානසිකව පීඩන ලබා දෙන විට පවා මිනිසුන් ඉන් ගැලවී ඉවතට යාම වෙනුවට තව තවත් ඒ සම්බන්ධතාවයටම ආදරය කරන්න පටන් ගැනීමයි! මෙහෙම වෙන්නේ ඇයි? Its’ Just Science!


    The Brain’s Reward Syste: Addiction to Unpredictable Love

    අපේ මොළය හැදිලා තියෙන්නේ නිතරම එක සමාන විදියට ලැබෙන ආදරයට වඩා උස් පහත් වීම් සහිත එනම් ප්‍රශ්න, සිනහව, කදුලු අතර නිතර නිතර දෝලනය වන ආදරයට addict වෙන විදියටයි.Toxic මිනිස්සුන්ගේ තියෙන මූලිකම ලක්ෂණයක් තමයි වෙලාවකට පණ වගේ ආදරය කිරීම සහ තවත් වෙලාවකදී තමන්ගේ partner ව සම්පූර්ණයෙන්ම neglect කිරීම. මෙන්න මේ on-again, off-again cycle එක විසින් අපේ ඔලුවේ තියෙන dopamine කියන chemicle එක trigger කරනවා. මේ dopamine trigger වීම තමයි drug addiction එකකදිත් වෙන්නේ! සරලවම කියනවානම් මෙතනදී ඔයා කුඩු කාරයෙක් වගේ තමයි හැසිරෙන්නේ! ඔයා ගැලවෙනවා වෙනුවට තව තව toxic partner ට addict වෙනවා!


    Trauma Bonding

    Psychology වල කියන විදියට දිගින් දිගටම වේදනවා, දුක සහ ආතතිය දැනෙද්දී සම්බන්ධතාවයක් කැඩී යනවා යනවා වෙනුවට තව තව ශක්තිමත් වෙනවාලු. මේකට කියන්නේ trauma bonding කියලා. කතාව වෙන්නේ මෙහෙමයි! Toxic partner දිගින් දිගටම manipulation, neglect, criticism හරහා ඔයාව මානසිකව වට්ටනවා. එහෙම කරන ගමන් සමහර අවස්ථාවලදී පිස්සුවෙන් වගේ ඔයාට ආදරයත් දෙනවා. “මට ඔයාව නැති කරගන්න බෑ මැණික මං ඔයාට ලෝකෙටම වඩා ආදරෙයි” කියලත් කියනවා. අන්න ඒ වෙලාවට ඔයාට මාරම relief එකක් එනවා. එතනදී ඔයාගේ brain එකට සමනල් ගැටය වැටෙනවා. එයා හිතනවා “වේදනාවා මොහොතකට හරි සමනය” වීම තමයි ආදරය කියලා!

    The Role Of Stress Hormones

    Toxic relationship එකක් ඇතුලතදී නිතරම මානසික ආතතිය තියෙනවා. ආතතිය තියෙනවා කියන්නේම ඔයාගේ ඇග ඇතුලේ cortisol කියන stress එක බාරව ඉන්න හෝර්මෝනය ඉහළ අගයක පවතිනවා. කාලයක් යද්දී අපි මේ cortisol වලට addict වෙනවා කිව්වොත් ඔයා විශ්වාස කරනවාද? ඒ කියන්නේ මේ දුක ඇතුළත අමුතු කික් එකක් තියෙනවා කියලා අපිට හිතෙනවා. Cortisol නැතුව ඇගට හරිම boring ගතියක් එනවා. ඉතිං cortisol අපිට toxic relationship එකෙන් ලැබෙන නිසා අපි ඒකටම addict වෙලා ඉන්නවා!


    Cognitive Biases: The Mind Tricks Us into Stayin

    Psychology & Biology වලට අමතරව මිනිස්සුන්ගේ ආකල්පත් toxic relationships ඇතුලේ එල්ලිලා ඉන්නම බලපානව. උදාහරණ විදියට ගත්තොත්
    a) කාලයත් එක්ක එයා වෙනස් වේවි!
    b) මගේ ආදරයත් එක්ක එයා හොද කෙනෙක් වේවි!
    c) මම දාලා ගියොත් එයාට කවුරුත් නැති වේවි!
    d) මම අවුරුදු ගානක් මෙතන හිටියා, දැන් හැරෙන්න බැහැ!


    කතාව සරලයි! සමහර වෙලාවට ඔයත් ඔයාගේ යාලුවන්ට බනිනවා ඇති “ඔච්චර toxic වෙලත් ඇයි ඔයා ඔතනින් අයින් නොවෙන්නේ කියලා!” දැන් ඔයා උත්තරය දන්නවා. ඇත්තම කතාව ප්‍රශ්නය තමන්ගේ වෙනතුරු පිළිතුරු දාර්ශනිකයි!

    මෙතනින් අයින් වෙන එක psychology වලට අනුව plan කරලා කල යුත්තක්. නැත්තම් අයින් වෙනවා වෙනුවට තව තව බැදෙන එකයි වෙන්නේ!


    ඊළග කතාව තමයි මේ ලෝකයේ 100% toxic මිනිස්සු නෑ කියලා මම විශ්වාස කරනවා. මට toxic කියලා දැනෙන කෙනෙක්ව තව මනුස්සයෙක්ට මාරම lovely කියලා දැනෙන්න පුලුවන්. Toxic වීම සාපේක්ෂයි. එකිනෙකට වෙනස් personality දෙකක් ගැටෙන විට එන ප්‍රශ්නයක් විතරයි. මේ ගැන ඉස්සරහට මං පසුව කතා කරන්නම්!
    අවසානයේදී මෙහෙම ඉවර කරන්නම්.


    උද්‍යානයේ කෙළවරේදී ඔබ අත හැරිය යුතු දෑත් උසාවියේ දොරකඩ දක්වාම රැගෙන නොයන්න!

    Hasintha Hewawasam

    LEAVE A REPLY

    Please enter your comment!
    Please enter your name here