අවුරුදු 25 ඉක්මවීම මව් පදවිය ලැබීමට බාධාවක්ද?” යන්න විවාහපත් වී දරුවකු බලාපොරොත්තුවෙන් සිටින හෝ දරු පල පමාකිරීමට බලාපොරොත්තුවෙන් සිටින කාන්තාවන් අතර මෙන්ම අද සමාජයේ බොහෝ සෙයින් කතාබහට ලක්වන මාතෘකාවකි. ඒ පිළිබඳ ආයුර්වේද ඇසින් විමසා බැලීමටයි මෙම සූදානම.
ආයුර්වේදයට අනුව දරු පල නොලැබීම හෙවත් වන්ධ්‍යාභාවය යනු දරුවකු සඳහා උත්සාහ කරන හෝ අවශ්‍ය වෙලාවක දරුවකු පිළිසිඳ නොගැනීමයි.
සාමාන්‍යයෙන් අවුරුදු 16- 40 අතර වයස දරු පිළිසිඳ ගැනීමකට සුදුසු බව ආයුර්වේදයේ දැක්වේ. මෙයිනුත් අවුරුදු 21-30 අතර කාලය වඩාත්ම සුදුසුය. දරුවකු හට ගැනීමට පිත් දෝෂය උපරිම විය යුතු අතර මෙම කාලය එය උපරිමව පවතින අවධියයි. නොඑසේ නම් ආර්තව චක්‍රය හොඳින් ක්‍රියාත්මක වන කාලයයි.
අවුරුදු 40න් පසුවද ස්වභාවිකව හෝ වෛද්‍ය උපදෙස් මගින් කාන්තාවකට ගැබ් ගැනීමේ හැකියාව ඇත. නමුත් ගැබ් ගැනීමේ හැකියාව වයස 35 ඉක්මවා ඇති විට ක්‍රමයෙන් අඩුවී යයි. වයස 35න් පසුව ඩිම්බ කෝෂවල ඩිම්බ සංඛ්‍යාව සහ ඒවායේ ගුණාත්මකභාවය අඩුවීම මෙයට හේතුවයි. මෙය පිළිසිඳ ගැනීමට අපහසුතා ඇති කළ හැකිය. එහෙත් තම සෞඛ්‍ය නිසි ලෙස පවත්වාගත හැකිනම් වයස 40 පසු වූ කාන්තාවකට වුවද දරුවකු බිහිකිරීමට හැකියාව තිබේ.
සීනි තෙල් සහ ලුණු කෑම අවම කරන්න.
ෆෝලික්, යකඩ, කැල්සියම් ගතයුතුය.
හොඳින් වතුර පානය කරන්න
ගිතෙල් රටඉඳි මස් මාළු බිත්තර කුඩාමාළු ආහාරයට නිතර එක්කර ගන්න.
තන්තු අධික ආහාර ගන්න.
සුවබර නින්දක් අවශ්‍යයි.
හැකිතාක් පයින් ඇවිදින්න.
බර නියමිත ප්‍රමාණයට පවත්වා ගන්න.

ශාරීරික අවදානම්
ගර්භාෂය කැඩීම, දුර්වල ශ්‍රෝණි තට්ටුව, අධික රුධිර වහනය.
පරිවෘත්තීය අවදානම්
අධි රුධිර පීඩනය, දියවැඩියාව, තයිරොයිඩ් ගැටලු, අධික බර
පෝෂණ අවදානම්
රක්තහීනතාව, කැල්සියම් නැතිවීම, තෙහෙට්ටුව (විශේෂයෙන් මව්කිරි දෙන්නේ නම්).
ගර්භණී සංකූලතා
ගබ්සා වීම, වැදෑමහ ගැටලු, නොමේරූ දරු උපත්.
මානසික සෞඛ්‍යය
පශ්චාත් ප්‍රසව මානසික අවපීඩනය සහ ආතතිය ඇතිවීමේ වැඩි අවස්ථාවක්
වෛද්‍ය දෘෂ්ටිකෝණයෙන් බලන විට වයස 35ට පෙර ගැබ් ගැනීම ආරක්ෂිතය. 40ට පසුවන්නේ නම් මවගේ ශරීර ශක්තිය හෘද පීඩනය, දියවැඩියාව වකුගඩු ආශ්‍රිත ක්‍රියාවලිය, තයිරොයිඩ් ආදී රෝග පරීක්ෂාකර ගත යුතුය. ගැබ් ගැනීමක් සැලසුම් කිරීමට පෙර වෛද්‍ය උපදෙස් ගැනීම ද ඉතා වැදගත් අතර සම්පූර්ණ වෛද්‍ය පරීක්ෂණයට සහභාගීවීමද අවශ්‍යය. එමෙන්ම මවගේ සහ පියාගේ මානසික සුවතාව මෙන්ම පවුලේ සමාජිකයන්ගේ සහයෝගය ද මෙහිදී සලකා බැලිය යුතු වැදගත් කරුණක් වේ.කෙසේ වුවත් මෙවැනි ගැබ් ගැනීමක දී මවට සංකූලතා හටගැනීමේ හැකියාව ඉහළය.
මෙම වයසේ පසුවන නිසා අධි රුධිර පීඩනය (Hypertension) සහ දියවැඩියාව (Gestational Diabetes) වැනි රෝග ගර්භණී සමයේදී ඇතිවීමේ අවදානම වැඩිය. එමෙන්ම දරු ප්‍රසූතියේදී සාමාන්‍ය ප්‍රසූතියකට වඩා සිසේරියන් සැත්කමක් අවශ්‍ය වීමේ අවදානම වැඩිය.
ප්‍රසූතිය ඉක්මන්වීම නැතිනම් නියමිත දිනට පෙර දරුවා බිහිවීම සහ අඩු බරැති දරුවකු ලැබීමේ අවදානම වැඩි වේ.තවද ගබ්සා (miscarriage) වීම් සහ කුස තුළදී දරුවා මිය යාමේ අවදානම ද වයස 35 ට පසු වැඩිය.වැදෑ මහ ආශ්‍රිතව රෝග ඇතිවිය හැකිය.
මෙවැනි පිළිසිඳ ගැනීමක දී මවට මෙන්ම උපදින දරුවාට ද විවිධ සංකූලතා ඇති වේ. එනම් දරුවාගේ ක්‍රෝමසෝමල් ගැටලු හෙවත් මවගේ වයස වැඩිවීමත් සමග ඩවුන්ස් සින්ඩ්‍රෝමය (Down Syndrome) වැනි වර්ණදේහ ආශ්‍රිත රෝග ඇති දරුවන් ලැබීමේ අවදානම වැඩිවීමයි.
දරුවාට හුස්ම ගැනීමේ අපහසුතා ලේ ආශ්‍රිත හා අක්මාව ආශ්‍රිත ගැටලු ඇතිවීමටද මෙම තත්ත්වය බලපායි.
වයස 40 ඉක්මවා ගැබ්ගත් මවක් සැලකිලිමත්විය යුතු කරුණු
ගර්භණී කාලය පුරාම නිරන්තරයෙන් වෛද්‍ය පරීක්ෂණවලට යොමුවිය යුතුය.

නිසි පෝෂණයක් ලැබෙන ආහාර නිතර ගන්න.
ආයුර්වේද වෛද්‍ය චතුරි මිහිරාණි
කාය චිකිත්සා, සර්වාංග





