නිශ්ශබ්දව ඉන්න එපා

    0
    98

    ·
    මම ගල්කිස්ස පොලිසිය අසල පිහිටා තිබෙන ආයතනයක මාස 5ක් ඉදන් සේවය කලා. නමුත් 2025 ජූනි 30 වෙනිදා මම දිවා ආහාරයට පෙර washroom එක use කලා. ගිය වෙලාවේ මම දැක්කා ceiling එකේ සිදුරකින් lense එකක් වගේ එකක් light එකට දිලිසෙනවා. අවධානයෙන් බැලූවේම මට තේරුනා එතන camera එකක් set කරලා වගේ තියෙන්වා.මම පස්සේ HR lady ට කතා කරලා කිව්වා ladies washroom එක ඇතුලේ Camera එකක් වගේ තියෙන්වා පොඩ්ඩක් ඇවිත් බලන්න කියලා. එයා ඇවිත් බලලා කිව්වා ඔව් camera එකක් වගේ එයටත් පෙන්නේ පොඩ්ඩ්ක් ඉන්න අපි stool එකක් තියලා නැගලා බලමු කියලා.

    පස්සේ එයා ceiling board එක අයින් කරලා බලද්දි එතන තිබ්බේ smart phone එකක්. ඒ smart phone එකේ camera එක කවුරුහරි ඒ සිදුරින් setup කරලා video record කරමින් ඉදලා තියෙන්නේ. අපි phone එක අතට ගද්දිත් video record on වෙලා තිබ්බේ. පස්සේ අපි වීඩියෝ එක stop කරන්න යද්දි accidentally HR lady අතින් power button එක එබිලා screen එක off වුනා.

    පස්සේ අපි ඒක ආයේ බලන්න යද්දි phone එක lock වෙලා password එකක් ඉල්ලුවා. අපි වහාම එය company එකේ managing director ට භාර දුන්නා. පස්සේ මම HR මහත්මිය හා company management එකට එය භාර දීලා සුපුරුදු පරිදි මගේ වැඩ කරන්න පටන් ගත්තා මොකද company procedure එක prioritize කරලා. පසුව 2025 ජූලි 1 වෙනිදා AGM මහත්මිය මට කතා කරලා මට thanks කලා. මම අවදානෙන් ඒක බලපු නිසා එයාල ඒක හොයාගත්තේ නැත්තම් ලොකු ප්‍රශ්නයක් වෙන්වා මම හොඳ දෙයක් කලේ කියලා මට thank කලා.

    මම ඊට පස්සේ එයාගෙන් ඇහුවා මේක අපිට පොලිස් complain එකක් කරන්න වෙනවා. මොකද එකේ video record වෙමින් තිබ්බ නිසා phone එකේ ඒ video එක තවමත් තියෙන්වා ඒ කවුද කියලා අපි හොයාගන්න ඕන මේක පොඩි දෙයක් නෙමෙයි කියලා. එයා කිව්වේ එයාලා ඔක්කොටම කලින් building owner එක්ක කතා කරලා බලන්න ඕන. එයාලට එහෙම එකපාරට polici යන්න බෑ එහෙම.

    අනික පොලිසියට යන එක අවදානම්. හදිසියේවත් අපි පොලිසි ගියොත් එයාලගෙන් video එක leak වුනොත් අපිටත් ප්‍රශ්නයක් වෙයි. අනික දැන් ඕක දකින්නේ ඕක video කරපු කෙනා විතරයි. පොලිස්යට ගියොත් ඕක එතන හැමෝම දකිනවා කියලා තමයි එයා කිව්වේ.

    එයාලා අපේ phone එකක් එතනින් තියලත් බැලුවා නිකන් test කරන්න එයාල බලපු විදියට අපි washroom එක ඇතුලේ කරන දේවල් හොඳටම පේනව කියලා. මම ඇයට තරයේ කිව්වා නෑ අපි මේක පොලිසියට inform කරන්න ඕන. එයාල ඕක බලගනිවී කියලා. මොකද මට තේරුනා මේක කොච්චර බරපතළද කියලා. මොකද ඒ වෙලේම මට සැකයක් ආවා මේක අපේ staff එකේ කවුරුහරි කරපු දෙයක් කියලා. ඒත් එක්කම එයා මගෙන් ඇහුවා නිකන් ප්‍රශ්න කරනවා වගේ

    ” මම මේ නිකන් අහන්නේ. ඔයාලට එහෙම washrooms වලට ගියාම උඩ බැලෙන්වද??? “කියලා. දැන් මම ඒක හොයගත්ත එකද වරද? මම පස්සේ එයාට කිව්වා ඔව් මම බලන්වා වට පිට. මොකද මම ඔය වගේ සිද්ධි කලින් අහලා තියෙන්වා. ඒත් මේ මුහුණ දුන්න 1වෙනි වතාව කියලා.

    තව අපේ ceiling එකේ මම රැකියාවට ගියපු 1වෙනි දවසේ ඉදන් සිදුරු තිබ්බා. ඒත් සිද්දිය වෙච්චි දවසේ මම note කරා ඒ සිදුරු තව වැඩි වෙලා තිබ්බා කියලා. ඒක බලද්දි තමයි මම camera එක දැක්කේ කියලා. ඊට පස්සේ 2025 ජූලි 3 වෙනිදා වෙනකනුත් කිසිම action එකක් company එකෙන් අරන් තිබ්බේ නෑ.

    පස්සේ මම ආයතන කළමනාකාර අධ්‍යක්ෂවරයා සමග මේ ගැන නැවත කතා කළා. ඔහු මට කිව්වේ එයාලා internal investigation එකක් කරගෙන යනවා. සැකකාරයො කිහිපදෙනෙකුත් ඉන්නවා කියලා. මම ඇහුවා ඔයාල police complain එකක් දාන්නේ නැද්ද කියල එතකොට. ඔහු කිව්වේ හරියටම හොයාගෙන දින 2ක් ඇතුලත පොලිසියට දැනුම් දෙනවා කියලයි. පසු සිද්ධිය සිදු වී දින 4ක් ගතවූවත් කිසිවක් සිදුවුණේ නැහැ. සාක්ෂිය (Smart ජංගම දුරකතනය) තවමත් ඔවුන් අතේ! මට තේරුණේ, මම නිහතමානීව රැඳී සිටීමෙන් කිසිම වෙනසක් නොවන බවයි. ඒ අතරේ මට සැකකාර පුද්ගලයන් තිදෙනෙක් එහි සිටියා ඔවුන්ගේ හැසිරීම් එක්ක.

    කාන්තාවන් දෙදෙනෙක්ද ඒ අතර හිටියා. ඒ අතරේ මම තරයේ staff එකේ අය එක්ක කතා වුනා “මේ එයාල කරන දේ හරි වැරදි. Evidence මෙහෙම එයාලගේ අතේ තියාගන්න බෑ. Evidence මෙහෙම හැමෝම අතරට යද්දි අපි දන්නේ නෑ ඒවා විනාශ වෙන්න පුළුවන්. තව අපි දන්නේ නෑ නේ හරියට ඔය evidence තියෙන්නේ වරදකරු අතරේ වෙන්නත් පුළුවන් නිසා. තව දෙයක් තමයි ආයතනයට පිටින් එන කිසිම කෙනෙක්ට ladies washrooms use කරන්නත් බෑ. අනික මෙච්චර දෙයක් වෙලා පොලිසියටවත් මෙයාලා කවුරුත් inform කලේ නෑ” කියලා.

    ඔය අතරේ company එකේ AGM මහත්මිය හා sales manager මහතා ඇතුළු තහනම් කලා අපිට මේ සිදුවීම ගැන කාත් එක්කවත් කතා කරන්න බෑ කියලා office එක ඇතුලේ අපි අතරේ පවා. AGM මහත්මිය ද නිතරම මෙම සිදුවීම සේවිකාවන් අතරේ සෑම විටම noramalize කර කර තමයි හිටියේ. පොලිසියට යන්න කියල හිතපු හැම staff member කෙනෙක්වම ගෙනල්ලා මෙයාලා භය කලා. මේක ලොකු ප්‍රශ්නයක් නෙමෙයි. පොඩි ප්‍රශ්න ලොකු කරන්නෙපා. කරන්න තියෙනව දේවල් එයලා කරනවා කියලා.

    මේ අතරේ තව staff member කෙනෙක් AGM මහත්මියට කතා කර අසා තිබුනා 2025 ජූලි 3 වනදාමේ සිදුවීම ගැන. මොකද ඇය එදින සේවයට ආවේ නැතත් කවුරුත් මේ සිදුවීම ගැන ඇයට officially දැනුම් දීලා නැති නිසා. එදින AGM මහත්මිය පවසා ඇත්තේ මෙය ඉතාම සාමාන්‍ය දෙයක් වන බවත්

    ” ගැබිනි කාන්තාවන්ද වෛද්‍යවරුන් ඉදිරියේ තම රහස් ප්‍රදේශ පෙන්වන බවත් එය වැඩිය සිතීමට කරුණක් නොවන බවත් ගැහැනු ලමුන් වශයෙන් අපි මේ වගේ දේවල් වලට පුරුදු විය යුතු බවත්ය.

    ඒ වගේම අපිට safety එක ගැන බයක් තියෙනවා නම් ආයතනයෙන් ඉවත්ව යා හැකි බවත් ඇය පවසා සිටියා. ඇය එවිටද පවසා ඇත්තේ ඔවුන්ට පොලිසියට යා නොහැකි බවයි. තවද ඇය එම තරුණියට පවසා තිබෙනවා ” ඔය 3 දෙනාට විතරයි මෙතන පොලිසි යන්න ඕන වෙලා තියෙන්නේ අනිත් අයට එහෙම යන්න වුවමනාවක් නෑ” කියලා. එමෙන්ම ඇයට ඉතාමත් නුසුදුසු ආකාරයට AGM මහත්මිය විසින් බැනවැදී තිබෙනවා.

    හේතු නිසා අපට ඇය ගැන සැකයක් මතු වූ නිසා 2025 ජූලි මස 4 වන දින උදේ HR මහත්මිය විසින් සාක්ෂි සුරක්ෂිත කිරීමේ අරමුණ සමග ඉල්ලා සිටියද ඇයට AGM මහත්මිය එය ලබා දීමට නොහැකි බව පවසා අනවශ්‍ය අයුරින් බැනවැදී තිබෙනවා.

    මේ සියල්ල සමග අපට අනාරක්ෂිත බවක් අපගේ සේවා ස්ථානයේ දැනුනු නිසත් වහාම මේ සඳහා අපිම මැදිහත් වී ප්‍රශ්නය විසදා ගැනීමට අවශ්‍ය වූ නිසත් 2025 ජූලි 4 වෙනිදා මම ඇතුලුව තරුනියන් 3 ක්ම ඉල්ලා අස්වීමේ ලිපිය භාරදී, ගල්කිස්ස පොලිස් ස්ථානයට ගියා. ඒ අවස්ථාවේ ආයතන හිමිකරු අපව කැදවා සිද්දිය සම්බන්ධයෙන් සමාව ඉල්ලා සිටියා. එක තරුනියක් ඇයගේ resignation letter එකේ සඳහන් කර තිබුනා AGM මහත්මිය ඇයට සැලකූ ආකාරය හා එයත් ඇය ඉල්ලා අස්වීමට හේතුවක් වන බවත්. එහෙත් ආයතන හිමිකරු ඇයගේ ලිපිය විසිකර දමා ඇයට බැණ වැදුනා.

    ඒ වගේම මම ආයතන හිමිකරුගෙන් ප්‍රශ්න කලා ඇයි මෙච්චර කල් පොලිසියට මේ සම්බන්ධයෙන් දැනුම් දුන්නේ නැත්තේ ඇයි කියලා. ඒ වගේම සාක්ෂි භාර දීලා තිබුනේ ආයතන හිමිකරු, AGM මහත්මිය සහ Accountant ලගයි. ඔවුන් එම සාක්ෂි හිතුමතේ එහේ මේහේ රැගෙන යමින් කාර්‍යලයේ අනරක්ශිතව හැසිර තිබෙන්වා. මම මේ ගැන විමසූ විට ඔහු පැවසුවේ ඒ පුද්ගලයන් ඔහුට විශ්වාසවන්ත බවයි. ඒ මම පැවසුවා මේ සිදුවීම සම්බන්ධයෙන් අපට කාවවත් විශ්වාස කල නොහැකි බව.

    ඒ වගේම ඔහු පැවසුවේ ඔහු internal investigation එකක් ආයතනයෙන් සිදුකරගෙන යන බවත් ඔහුගේ ප්‍රතිපත්ති වලට අනුව එම වැරදිකරු ඔහු සොයාගත් විට ආයතනයෙන් ඉවත් කරනවා පමණයි ඔහුව පොලිසියට භාර නොදෙන බවත්‍ ය. මට ඕන වුනේ මේ හා සම්බන්ධ සියලු වැරදිකරුවන් සඳහා දඩුවම් ලැබීම පමණී. ඉතින් මම ඒ වෙලාවේම එතනින් ඉවත් වී පොලිසියේ පැමිණිල්ලක් දැම්මා මේ සම්බන්ධයෙන්.

    ගල්කිස්ස පොලීසියේ SI රාජපක්ෂ මහත්මිය සහ නිලධාරී ලක්ෂාන් මහතාගේ අධික මහන්සියට කෘතඥව සිටින්න ඕන. ඔවුන්ගේ ක්‍රියාශීලීත්වය නිසා එක් සැකකරුවෙකු පැය 24ක් ඇතුළත 2025 ජූලි 5 වනදා අත්අඩංගුවට ගත්තා.

    එදින ඔහු පොලිස් ස්ථානයදී වරද මා ඉදිරියේ පිළි ගත්තද , ඊයේ දිනයේ 2025 ජූලි 6 වනදින ඔහුව ගරු අධිකරණයට ඉදිරිපත් කර තිබෙනවා. ඒ වගේම ඔහු ඇප මත නිදහස් වී තිබෙනවා. මෙ පිළිබඳ පරීක්ෂණය තවමත් සිදුවෙමින් පවතිනවා. මම බලාපොරොත්තුවෙන් ඉන්නවා මේ සඳහා සාධාරණය ඉටු වෙයි කියලා.

    මොකද මේක මට විතරක් නෙවෙයි… සෑම කාන්තාවකගේම ආරක්ෂාව පිළිබඳවයි. වැසිකිළිය වැනි පුද්ගලික තැනකවත් මේ වගේ දෙයක් සිදුවනවා කියලා හිතනවද?

    කාන්තාවනි ,කරුණාකර ඔබේ අවට සැලකිලිමත් වන්න. මේ වගේ තත්වයක් ඔබටත් මුහුණ දෙන්නට සිදුවෙන්න පුළුවන්.


    උපුටා ගැනීම Face Book

    උපුටා ගැනීම Face Book

    LEAVE A REPLY

    Please enter your comment!
    Please enter your name here