ලෝකයේ කාන්තාවන්ගේ රූපලාවන්‍ය ඉඟි සහ උපක්‍රම මොනවාද සෙවීමට බොහොමයක් කැමැත්ත දක්වති. ජපානය ඇසුරේ ගත් කල කාන්තාවන් සුරූපීව සිටීම ගැන බෙහෙවින් අවධානය දක්වන රටකි. මේ එම බ්ලොගයක සඳහන් වුණ රූපලාවන්‍ය ක්‍රම කිහිපයකි.
ජපන් ජාතික කාන්තාවන් නිතර මුහුණ සෝදයි. ජපානයේ ඖෂධ නීතිය තද එකක් වීම හේතුවෙන් එහි රූපලාවන්‍ය කටයුතුත් විශ්වාසනය වේ. රූපලාවන්‍ය නිෂ්පාදන පවා එහෙයින් විශ්වාසය තැබිය හැකිය.
සම රැකගැනීම සම්බන්ධයෙන් බටහිර රටවලට සාපේක්ෂව ජපානය පියවරක් ඉදිරියෙන් සිටී. ආලේපන භාවිතය අඩුය. මේකප් දමනවාට වඩා සමේ ලස්සන සහ සෞඛ්‍යසම්පන්නභාවය අගයයි.
වර්තමානයේදී ජපන් කාන්තාවන් වර්ණවත් ඇස් ආලේපන යොදාගැනීමට කැමති බවක් පෙන්වයි. තමන් ගෙවන්නේ කුමක් සඳහාද, නිෂ්පාදනවල ඵලදායීතාවය සහ එහි ක්‍රියාකාරීත්වය ගැන අවධානය යොමු කරයි.
එබැවින් ජපන් කාන්තාවන්ට රූපලාවන්‍ය කටයුතු පිළිබඳ හොඳ දැනුමක් තිබේ. ඔවුන් සමේ මේද පවත්වාගැනීමටද අවධානය යොමු කරයි.
කේට් පාසි යනු ජපානයේ රූපලාවන්‍යයට ලැදි කාන්තාවන් අනුගමනය කරන චරිතයකි. ජපන් කාන්තාවෝ ලස්සන හෝ සරාගී පෙනුමට වඩා ‘හුරුබුහුටි’ පෙනුමට ප්‍රිය කරති. මෙම ප්‍රමුඛතාවන් ඔවුන් ලස්සන වීමේදී බෙහෙවින් පෙන්වයි. ජපානයේ නිළියන් පවා පොදුවේ මෙම ක්‍රම අනුගමනය කරන ප්‍රසිද්ධ කතාවකි.
දේශගුණය, කාලගුණය අනුව ගත් කල මෙම තත්ත්වය ශ්‍රී ලංකාවට ගැලපීමට අසීරු විය හැකි වුවත් ලංකාවටද මේවායේ නැණවත් ලක්ෂණ අනුගමනය කළ හැකිය.
උපුටා ගැනීම mirrorarts