විනාශයේ නටබුන් කලාවට නඟන ලෙබනන් දෘශ්‍ය ශිල්පිනිය

    0
    6

    ඊශ්‍රායල ප්‍රහාර හමුවේ දරුණු ලෙස පීඩාවට පත් වී ඇති දකුණු ලෙබනනයේ, යුධ අඳුර මැදින් අපූරු කලාත්මක පුවතක් වාර්තා වේ. දෘශ්‍ය කලා ශිල්පිනියක වන ලීනා ජූනි (Lina Jouni), ඊශ්‍රායල මිසයිල ප්‍රහාරවලින් ඉතිරි වූ විනාශකාරී නටබුන් සහ යකඩ කොටස් උපයෝගී කරගනිමින් අර්ථවත් කලා නිර්මාණ බිහි කිරීමට පියවර ගෙන තිබේ.

    ඊශ්‍රායලය විසින් අඛණ්ඩව ලෙබනනයට බෝම්බ හෙළමින්, ජනජීවිත අඩපණ කර ඇති මේ වැනි පසුබිමක, ලීනාගේ මෙම ප්‍රවේශය බොහෝ දෙනාගේ කතාබහට ලක්ව ඇත. යුද්ධයේ බිහිසුණුකම සහ මරණය වැපිරූ මේ ආයුධ කොටස්, මිනිස් ජීවිතයේ අභිමානය සහ බලාපොරොත්තුව කැටිත්වුණු සංකේත බවට පරිවර්තනය කිරීම ඇයගේ මූලික අරමුණ වී තිබේ.

    දිනෙන් දින උණුසුම් වන යුධ වාතාවරණයක් මධ්‍යයේ වුවද, මිනිස් සිතේ ඇති නිර්මාණශීලීත්වය සහ ජීවත්වීමේ ආශාව මැඩපැවැත්විය නොහැකි බව ලීනා ජූනිගේ මෙම කලා නිර්මාණ හරහා ලෝකයටම පෙන්වා දෙයි.

    LEAVE A REPLY

    Please enter your comment!
    Please enter your name here