ලෝකප්‍රකට ඉන්දීය පසුබිම් ගායිකා ආශා බෝස්ලේ මුම්බායි හි රෝහලකදී අභාවප්‍රාප්ත වී තිබේ.
මියයන විට ඇයට වයස අවුරුදු 92 කි.
හෘදයාබාධයක් සහ පෙනහළු ආශ්‍රිත සංකූලතා නිසා ඇය සෙනසුරාදා (අප්‍රේල් 11) සවස මුම්බායි හි පෞද්ගලික රෝහලකට ඇතුළත් කර තිබුණි.
අභාවප්‍රාප්ත ප්‍රවීණ ගායිකා ලතා මංගේෂ්කාර්ගේ බාල සොහොයුරිය වන ආශා බෝස්ලේ, දශක අටක් පුරා සිය වෘත්තීය ජීවිතය තුළ විවිධ භාෂාවලින් ගීත 12,500 කට වඩා පටිගත කර ඇති අතර, මීනා කුමාරි, මධුබාලා සහ සීනත් අමන්ගේ සිට කාජල්, උර්මිලා මතොන්ද්කර් දක්වා සහ පද්මිණී සහ වෛජයන්තිමාලා වැනි රංගන ශිල්පිනියන්ට ගායනයෙන් හඬ ලබා දී ඇත.
ඇයගේ අමතක නොවන ගීත අතර චුරාලියා හේ තුම් නේ ජෝ දිල්කෝ, අභි නා ජාඕ චොඩ් කර්, ඉන් ආකොන් කි මස්ති, දිල් චීස් ක්‍යා හේ, පිය තු අබ් තෝ ආජා, දුනියා මේ ලොගොන් කෝ සහ සාරා සේ ජූම් ලූන් මේන් වේ.




