ජාත්‍යන්තර T20 ඉනිමක කඩුලු 9ක්: බ්‍රසීල පන්දු යවන්නියගෙන් නව ලෝක වාර්තාවක්

0
12

බ්‍රසීලයේ 21 හැවිරිදි ලෝරා කඩෝසෝ (Laura Cardoso) අපූර්ව පන්දු යැවීමක නිරත වෙමින් එක ඉනිමකදී කඩුලු නවයක් ලබා ගත් ජාත්‍යන්තර විස්සයි20 ක්‍රිකට් ක්‍රීඩාවේ පිරිමි හෝ කාන්තා පළමුවැන්නා බවට පත්ව සිටිනවා.

ලෙසූටූ කණ්ඩායමට එරෙහිව ක්‍රීඩා කරමින් ඇය ඕවර තුනක් ඇතුළත ලකුණු 4ක් පමණක් ලබා දී කඩුලු 9ක විස්මිත පන්දු යැවීමක් ප්‍රදර්ශනය කළේ ප්‍රතිවාදීන්ගේ ඉනිම සම්පූර්ණයෙන් කඩා දමමින් හා නව ලෝක වාර්තාවක් පිහිටුවමින්.

කඩෝසෝගේ මේ ජයග්‍රාහී ක්‍රීඩාවෙන් ජාත්‍යන්තර T20 ක්‍රිකට් ක්‍රීඩාවේ දීර්ඝ කාලයක් තිස්සේ පැවති වාර්තා බිඳ වැටුනා. පිරිමි ජාත්‍යන්තර විස්සයි20 තරගයක කඩුලු අටක් ලබා ගෙන සිටි භූතානයේ සොනාම් යේෂී පසුකර ගිය ඇය කාන්තා ජාත්‍යන්තර විස්සයි20 ක්‍රීඩාවේ ඉන්දුනීසියාවේ රෝමලියා රෝමලියා‌ගේ කඩුලු හතක වාර්තාව ද අභිභවා ගියා.

කඩෝසෝගේ වික්‍රමයන්ට පෙර බ්‍රසීලය මුළු ලකුණු 202ක් රැස් කරගෙන තිබුණා. කඩෝසෝ‌ගේ පන්දු ප්‍රහාරය හමුවේ ලෙසූටූ කණ්ඩායම ඕවර 6.2ක් ඇතුළත ලකුණු 13කට දැවී ගියේ බ්‍රසීලය ට ලකුණු 189ක දැවැන්ත ජයග්‍රහණයක් අත්කර දෙමින්.

(සටහන : වර්නන් ගුණසේකර)
‘ද ලීඩර්’ ක්‍රීඩා වාර්තාකරු
[email protected]

theleader.lk

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here