‘දක්ෂතාවයට උඩින් විනය තියෙන්න ඕනේ’ | Thanuja Jayawardana

0
17

දශක තුනක් පුරා තමන් මාධ්‍ය ක්ෂේත්‍රයේ වැඩ කළේ ජනතාව තමා කෙරෙහි තැබූ ආදරය හා විශ්වාසය ආරක්ෂා කරමින් බවත්, දක්ෂතාවයට උඩින් විනය තිබිය යුතු බව තමා විශ්වාස කරන බවත් ප්‍රවීණ නිවේදිකා තනූජා ජයවර්ධන පවසනවා.


ඇය මේ අදහස් පළ කළේ  මෙවර ‘mirror arts’ සතියේ කතා බහ සමග එක් වෙමින්.

රූපවාහිනී වැඩසටහන් ඉදිරිපත් කිරීමේ කලාවේ නව පරිවර්තනයක් සනිටුහන් කළ සිරස රූපවාහිනී නාලිකාවේ විකාශය වූ “රස රිසි ගී” වැඩසටහන ලංකාවේ අංක එකේ සංගීත වැඩසටහන බවට පත් කරමින්, නාරද බක්මීවැව සමගින් වසර ගණනාවක් ඉදිරිපත් කළේ ඇයයි.

එමෙන්ම YFM නාලිකා ප‍්‍රධානී ලෙස ද, සිරස TV හි සතියේ දින වැඩසටහන් අධ්‍යක්‍ෂවරිය ලෙසද, MTV, MBC මාධ්‍ය ජාලයේ ප‍්‍රවර්ධන සහ මහජන සම්බන්ධතා අධ්‍යක්‍ෂකවරියක් ලෙස ද MBC මාධ්‍ය ජාලයේ අධ්‍යක්‍ෂකවරියක් දක්වාම ගුවන්විදුලි සහ රූපවාහිනී මාධ්‍ය තුළ ඇය අත්දැකීම රැසක් ඇය ලබා ගත්තා.

අනතුරුව තනූජා 2017 වසරේ සිට ස්වාධීනව කටයුතු කිරීමට තීරණය කොට විවිධ ක්ෂේත්‍රවල වැඩ සටහන් මෙහෙයවන්නියක් ලෙස කටයුතු ආරම්භ කරනු ලැබූ අතර, එය විවිධ විෂය පථයන් යටතේ පුළුල් වූ මාධ්‍ය මෙහෙවරක් විය.

කොළඹ ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ උපාධි ධාරිනියක් ද වන ඇය සිය දැනුම තුළින් විශාල සමාජ මෙහෙවරක කොටස් කරුවෙක් බවට පත්ව කටයුතු කරමින් සිටිනවා.

පසුගිය කාලයේ අලුත් අත්දැකීමක්  ලෙස තනූජා රංගන ශිල්පිනියක් ලෙස ද පුංචි තිරයට එක් වූ අතර, “පොදු” ටෙලි නාට්‍යය සහ මෑතකදී විකාශය වූ “මහාරාණි” ටෙලි නාට්‍ය හරහා ද ප්‍රධාන චරිත වලින් ඇය රංගනයෙන් දායක උනා.

එමෙන්ම මේ දින වල ස්වර්ණවාහිනී නාලිකාවේ විකාශය වන “අහංකාර නගරේ” රූපවාහිනී වැඩසටහන හරහාද ඇය සහ නාරද බක්මීවැව නැවතත් ප්‍රේක්ෂකයා ඉදිරියට පැමිණෙනවා.

ඉතින් මෙවර ‘mirror arts’ වැඩ සටහන සමග එක්වෙමින් තනූජා  දශක තුනකට අධික සිය මාධ්‍ය ජීවිතයේ බොහෝ අත්දැකීම් බෙදා හදා ගත්තා.

තනූජා සමග ගෙවුණ මේ කතා බහ තුළ සිනමාව, ජීවිතය, ආදරය වැනි මාතෘකාවන් ගැනත් කතා බහට ලක් උනා.

එමෙන්ම ඇගේ  දිවි ගමනේ සන්ධිස්ථානයන් ද ඇය ‘mirror arts’ සමග බෙදා හදා ගත්තා.

තනුජා ජයවර්ධන සමග ගෙවුණ මේ රසවත් කතා බහේ සම්පූර්ණ වීඩියෝව දැන් ඔබට ‘mirror arts’ යූ ටියුබ් නාලිකාව ඔස්සේ නැරඹිය හැකියි.

වැඩසටහන මෙහෙයවූයේ මනෝහාරී හේවාවසම් විසින්.

වීඩියෝව නරඹන්න පිවිසෙන්න පහළින්

mirror arts

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here