කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයින්ට සහනයක් ලෙස පරාටේ නීතිය අත්හිටුවීමේ කාලය මාස 3ක් නොව 6ක් දක්වා දීර්ඝ කරන්නැයි ශ්‍රී ලංකා ව්‍යවසායක සංවර්ධන කවුන්සිලයේ සභාපිතිනී ශෂිකා ද සිල්වා ප්‍රකාශ කළාය.
ඇය මේ කරුණු දැක්වූයේ පරාටේ නීතිය ක්‍රියාත්මක කිරීම මාස 3කින් දීර්ඝ කළ බව සිහිපත් කරමිනි. එම කාලසීමාව දීර්ඝ කිරීම සිදුකළ ජනපතිවරයාට ස්තුතිවන්ත වන බවද ඒ සම්බන්ධයෙන් විශේෂ ප්‍රකාශයක් කරමින් මෙසේ ද සඳහන් කළාය.
පරාටේ නීතිය අත්හිටුවන කාලය මාස 6ක් දීර්ඝ කරන ලෙස අප ඉල්ලා සිටිනවා. ණය ප්‍රතිසංවිධානය සහ ප්‍රතිව්‍යුහගත කිරීමේ ක්‍රියාවලියට එක් එක් පුද්ගලයාගෙන් පුද්ගලයාට වෙනස් වේ. එය එක එක සිද්ධියෙන් සිද්ධිය ගෙන සිදුකළ යුතු කටයුත්තකි. කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයින් 752,896 දෙනකු ප්‍රතිව්‍යුහගත කිරීමේ ක්‍රියාවලිය සඳහා බලා සිටින බව අප අමතක නොකළ යුතුය.
ජනාධිපතිවරයාගේ කතාවට අනුව කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයන්ගේ මුළු ණය ප්‍රමාණය රු. 2024 සැප්තැම්බර් 30 දක්වා බිලියන 1,385ක් වේ. නමුත් එම මුදලට ප්‍රාග්ධනය සහ පොලිය යන දෙකම ඇතුළත් වේද යන්න පැහැදිලි නැත. මේ අවස්ථාවේ අපට රජයෙන් විමසීමට සිදුව ඇත්තේ නිකුත් කළ චක්‍රලේඛය මගින් අප හට ඉක්මන් පිළිතුරක් ලැබී තිබේද නැතිද යන්නය.
කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයින්ගේ ණය ප්‍රතිව්‍යුහගතකරණයට අවශ්‍ය දේ සහ එහි ඇති වැදගත්කම අපි කතාකරමු. සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යසායකයින් සඳහා ඉතා වැදගත් ප්‍රමාදවූ සංරචක හතරක් ඇත. ණය ආපසු ගෙවීමට අපහසු වූ ඔවුන්ගේ බොහෝ පිරිසකගේ සේවක අර්ථසාධක අරමුදල් සහ සේවා නියුක්තීන්ගේ භාරකාර අරමුදල් ගෙවීමේ හිඟයක් ඇත.
එකතු කළ අගය මත බද්ද එහි ප්‍රමාදයන් තිබේ. වසරකට 30% ඉක්මවන ප්‍රමාද වූ ණය පොලී තිබේ. කල් ඉකුත්වූ මුළු ණයට වසරකට ඉක්මවූ ණය ප්‍රමාණය සඳහා තවත් 30% ඉක්මවූ දළ පොලියක් තිබේ. මෙම බැරෑරුම් තත්ත්වය පිළිබඳව මහ බැංකුව නිකුත් කළ චක්‍රලේඛයේ කිසිදු පැහැදිලි සඳහනක් නැත. ඒ නිසා අප ඉල්ලා සිටිනුයේ අපගේ ව්‍යවසායකයින් 752,896 දෙනාටම බලපාන පරිදි නිසි ලෙස විධිමත් විසඳුමක් මෙම ණය ආපසු ගෙවීම සම්බන්ධයෙන් ලබාදෙන ලෙසය.
මෙම ඛාණ්ඩයේ පිරිස් ගෙවිය යුතු මුළු ණය ප්‍රමාණය රුපියල් බිලියන 1385ක් තරම් වනු ඇත. නමුත් ඒ පිළිබඳ පැහැදිලි සංඛ්‍යා ලේඛනයක් නැත. මෙවැනි ණය ප්‍රමාණයක් එකවර කපාහැරීමට හෝ පොලිය කපාහැරීමකට කිසිදු රජයකට නොහැකි බව අපි දනිමු. අප ප්‍රකාශ කරනුයේ මෙම මුදලට සමාන මුදලක් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලින් හෝ ලෝක බැංකුව හෝ වෙනත් මූල්‍ය ආයතනයකින් ලබාගෙන ව්‍යවසායක දියුණු කරගැනීම හරහා ක්‍රමිකව ආපසු ගෙවාගෙන යෑමකට ඉඩකඩ සලසා දෙන ලෙසය.
දැඩි සත්කාර ඒකකයේ සිටින රෝගියෙකු ගැන සලකා බලන්න. හදවතට පමණක් නොව මුළු ශරීරයට සහ සියලුම අවයවවලට එහිදී රැකවරණය සැලසිය යුතුය. මුළු පද්ධතියම සමතුලිත නොකොට එක් අවයවයක් පමණක් රැකබලා ගැනීමෙන් පලක් නැත. එසේ නොමැතිනම් රෝගියා මියයනු ඇත. ඒ ආකාරයට සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයින මුහුණදෙන අභියෝග සියල්ලටම සමතුලිත විසඳුමක් හැර එක් අයකුට දෙන්නකුට විසඳුම් ලබාදීමේ මෙම ප්‍රශ්නය මගහැර යාමට කිසිවකුටත් හැකියාවක් නැත.
(සටහන | ජේ. මුණසිංහ)