ICC කාන්තා ශ්‍රේණිගත කිරීම්වල වෙනසක්

0
12

ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සලයේ 20 – 20   ක්‍රීඩිකා පන්දු යවන්නන්ගේ ශ්‍රේණිගත කිරීම්වල අංක එකේ ස්ථානයට පත්වීමට දීප්ති ශර්මා සමත්ව තිබේ.

ඇගේ ක්‍රිකට් දිවියේ ශ්‍රේණිගත කිරීම්වල අංක එකේ ස්ථානයට පත්වූ පළමු අවස්ථාව මෙයයි.

ඒ ශ්‍රී ලංකාවට එරෙහිව මේවනවිට පැවැත්වෙන විස්සයි විස්ස තරගාවලිය අතරතුර දක්වන දක්ෂතා අනුවයි.

මේ අතර ජෙමීමා රොඩ්‍රිගෝස් පිතිකරණ ශ්‍රේණිගත කිරීම්වල ස්ථාන 5ක් ඉදිරියට පැමිණීමට සමත්ව තිබේ.

ඒ් අනුව ඇය මේවනවිට 9 වන ස්ථානයේ පසු වේ.

ඒ ශ්‍රී ලංකාවට එරෙහිව රැස්කළ ලකුණු 69ක් සමඟයි.

20 -20 කාන්තා පිතිකරණ ශ්‍රේණිගත කිරීම්වල ඔස්ට්‍රේලියාවේ බෙත් මූනි පසුවන අතර ශ්‍රී ලංකාවේ චමරි අතපත්තු 6 වැනි ස්ථානයේ පසු වේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here