මෙරට දුම් බොන කාන්තාවන් වැඩි වෙලා

0
42

ලංකාවේ පුරුෂයින්ට වඩා කාන්තාවන්ගේ දුම්බීමේ ප්‍රතිශතය ඉහළ ගොස් ඇති බව විශේෂඥ වෛද්‍ය සමන් ඉද්දගොඩ අනාවරණය කරනවා.

වෛද්‍යවරයා පවසන්නේ, ඒ හේතුවෙන් කාන්තාවන් පෙණහලු පිළිකාවලට ගොදුරු වීමේ අවදානමට පත්ව ඇති බවත් ඒ අනුව, කාන්තාවන් පෙණහලු පිළිකා පළමු තත්ත්වයෙන් පස්වන පිළිකා තත්ත්වයට පත්වීමේ අවදානමට ගොදුරු වී ඇති බවත්ය.

මීට වසර දහයකට-පහළොවට පෙර ලංකාවේ දුම්පානය කළ ප්‍රමාණය හා ඒ පුද්ගලයන්ගේ සමීක්ෂණ වාර්තා දෙස බැලූ විට එය අඩු වෙමින් පවතින නමුත් ඇතැම් සමීක්ෂණ වාර්තා අනුව අවාසනාවන්ත ලෙස කාන්තාවන් දුම් පානය කිරීමේ ප්‍රතිශතය වැඩි වී ඇති බවයි වෛද්‍යවරයා පෙන්වා දෙන්නේ

විශේෂයෙන් ම තරුණ කාන්තාවන් පෙණහලු පිළිකා අවදානමට පත්වීමේ සම්භාවිතාවයෙන් වැඩි වී ඇති බව විශේෂඥ වෛද්‍යවරයා වැඩිදුරටත් පවසයි

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here