තරංගා දිසානායක ලේඛිකාව විසින් ප්‍රබන්ධිත ”කඳුළු කුණාටුව” ප්‍රබන්ධ කෘතිය ඇසුරෙන් ඇය ම තිර රචනය කළ, ලලිත් රෝහිත එදිරිසිංහ අධ්‍යක්ෂණය
කළ, ජාතික රූපවානිය ඔස්සේ විකාශනය වූ “ඉරගිනි මද්දහන’’රූපවාහිනී නිර්මාණය කොටස් පනස් හතරක විකාශනයෙන් ඉක්බිති පසුගිය සෙනසුරාදා අවසන් විය.

එහි ප්‍රධාන භූමිකාවට පණ පෙවූයේ දක්ෂ, සම්මානලාභී, ජනප්‍රිය නිළියක වන තරින්දි ප්‍රනාන්දු ය.
නාට්‍ය විකාශනයෙන් අනතුරුව තරින්දි ඇගේ facebook පිටුවෙහි අපූරු සටහනක් තබා තිබුණා ය.
මතු පළ වන්නේ එම සටහන යි.

සමන්තා සුදු ගැහැනියක් නොවෙයි, කළු ගැහැනියක් ද නොවෙයි. ඇය අද සමාජයේ අපට ඕනෑ තරම් දකින්න ලැබෙන අළු ගැහැනිය යි…
මේ ගෑනු ආත්මය “සමන්තා” නමින් , “ඉර ගිණි මද්දහන” නිර්මාණයේ නිරෑපණය කරන්න කරන්න ලැබීම මගෙ ටෙලිනාට්‍ය ඉතිහාසයේ මා ලද විශාල භාග්‍යක් ලෙස මම දකිමි.
“කඳුළු කුණාටුව” නවකාතාවෙන් මේ ශක්තිමත් ගෑනු ආත්මයට උපත දුන් “තරංගා දිසානායක” මහත්මියට ස්තූතියි කියනවාටත් වඩා, මෙවැනි ගැහැනු ආත්මවලින් සමාජයට ආදර්ශවත් තව තවත් නිර්මාණ ගෙන ඒමට දිරිය ශක්තිය, දීර්ඝායුෂ ප්‍රාර්ථනා කරමි…!
“සමන්තා” ට පණ පොවන්න “අ” යන්නේ සිට නිර්ලෝභීව කියාදුන්, “තරින්දි” ගෙන් “සමන්තා” ව වෙන් කර, විශිෂ්ට අධ්‍යක්ෂණයකට මා නතු කළ, “ලලිත් රෝහිත එදිරිසිංහ” මහත්මයාට මාගේ හදවිතින්ම මා ස්තූති කරන අතර මෙවැනි නිර්මාණ ඉදිරියටත් ප්‍රේක්ෂකයා අතරට ගෙන ඒමට ඔබට දිරිය, නුවණ, දීර්ඝායූ ප්‍රාර්ථනා කරමි…!
“මහතුන්” නමැති ඒ සුන්දර මිනිසා නැතිවූවා නම් “සමන්තා” ජීවිතයේ අවසානය මීට වඩා අඳුරු වෙතැයි මගේ හැඟීම ය.
“සමන්තා” ගේ චරිතය, රසවත්ව නිරූපණය කිරීමට “චමීර ලියනගේ” මගේ සහෝදරයාගෙන් ලැබුණ සහයෝගය අගය කළ යුතුම ය. එවැනි වෘත්තීමය භාවය ඉතා ඉහළ මට්ටමක තිබෙන රංගන ශිල්පීන් ඉදිරියේදීත් බිහිවේවායි!! මගේ ප්‍රාර්ථනය යි.
බණ්ඩාරෙ, කාංචනා, බේබි නෝනා, ඇග්නස් නැන්දා, කටුපොත ගෙදර නැන්දා, ලොකු අම්මා ඇතුළු “ඉරගිනි මද්දහනේ” චරිත නිරෑපණය කළ සියලු රංගන ශිල්පීන් හා ශිල්පිණියන්ගෙන් ලද ඉමහත් සහයෝගයට හදවතින් නැගෙන ආදරය,ගෞරවය, ස්තූතිය පුදකරමි!
එතැන්සිට සමන්තාගේ චරිතය තුළ මට ජීවත් වන්නට, එය මිනිසුන්ගේ හිත්වලට කාවද්දන්නට, “සමන්තා”ව එලෙස නිරූපණය කරන්නට, නිදහස, සිත්ගන්නා කැමරා කෝණවලින් උපරිම සහයෝගය ලබාදුන් “ඉරගිනි මද්දහන” “කැමරා ශිල්පි” බුද්ධික මංගල සහෝදරයාට ආදරයෙන් ස්තූති වන්ත වෙන්නට කැමැත්තෙමි!
සමන්තාගේ චරිතය ලියවී ඇති අකාරයට සිතට මැවෙන සමන්තාගේ රූප සොබාව නිර්මාණයට ගැලපෙන අයුරින් ඉදිරිපත් කළ අපේ අංග රචනා ශිල්පී ප්‍රේමලාල් මහත්මයාට ද හදවතින්ම ස්තූති කරන්න කැමැත්තෙමි!
එතැන් සිට කැමරාව පිටු පස සිට “ඉරගිනි මද්දහන” සාර්ථක නිර්මාණයක් කිරීමට දිවා රෑ නොබලා වෙහෙසුණු: කලා අංශය, සහය අධ්‍යක්ෂ අංශය, Unit එකේ සියලුම ශිල්පීන්, ප්‍රවාහන ශිල්පීන්, ආහාර පාන සපයපු සියලු මහත්මයින්ටත් ගෞරවනීයව ස්තූති වත්ත වෙමි!
නාලිකා කීපයකින් මෙවැනි උසස් මට්ටමක නිර්මාණයක් ප්‍රතික්ෂේප වෙද්දි, “ඉරගිනි මද්දහන” නමැති ආදර්ශවත් නිර්මාණය ප්‍රේක්ෂයන් අතරට රැගෙන යාමේ අභියෝගය භාරගත්, ඒ වෙනුවෙන් උපරිම සාධාරණයක් ඉටු කළ අපේ ජාතික නාලිකාව Jathika Rupavahini ටත් ගෞරවණීය ස්තූතිය…!
සමන්තල, මහතුන්ල, බණ්ඩාරෙල, කාංචනාල අද සමාජයේ ද සිටිති.මේ කතාවෙ තිබෙන කළු, සුදු සහ අළු චරිතවලින් ඔබටත් හරි දේ වැරදි දේ, තෝරා බේරා ගෙන, කඳුළ මතින් ජීවිතේ ගොඩ යන්නත්, කඳුලු කුණාටුවට ජීවිතේ ම අසුවෙන්න ඉඩ අරිනව ද? නැත්තම් ඒ කඳුළු කුනාටුව; සිනහ මල් වැස්සක් කරගන්නව ද කියන ආදර්ශවත් ප්‍රශ්නය සමජයට මුදා හරිමින් “ඉරගිනි මද්දහනෙන්” අපි සමු ගනිමු…
අරලියා මලක් වගේ සුවද හිතකට
ආදරේ අපායක් කරපු වරදට
සමාවක් යදින්නේ කොහොම ද
හද පළා සත් කඩ මා දවාපන් කාලි
උහුලන්නේ නෑ…
අහස ගුගුරා මහ පොළොව යයි පැළී
ආල කඳුළක් බරවෙච්චී…
රාග ගින්නක් ඇවිළිච්චී…
නිවන තව දුර වැඩි වෙච්චී…
බුදු වෙයන් මගේ දරුවන්ගේ අප්පච්චී…
(සටහන – තරින්දි ප්‍රනාන්දු)
උපුටා ගැනීම: ‘Tharindi Fernando’ නිල facebook පිටුවෙනි.