ජාත්‍යන්තර බුකර් සම්මානය දෙවන වරටත් ඉන්දියාවට! භානු මුෂ්ටාක් ඉතිහාසගත වෙයි!

0
39

ඊයේ රාත්‍රියේදී ලන්ඩනයේදී 2025 වසරේ ජාත්‍යන්තර බුකර් සම්මාන උළෙල පැවැත්වුණා. එහිදී අවසන් වටයට නිර්දේශිත වූ කෘති 7ක් අතරින් ජයග්‍රාහී කෘතිය ලෙස නම් කෙරුණේ කර්නාටක ලේඛිකාවක් වන භානු මුෂ්ටාක් ගේ ‘හාට් ලෑම්ප්‘ නම් කෘතියයි. එය කන්නාඩ බසින් ඉංග්‍රීසි බසට පරිවර්තනය කළේ දීපා භාෂි විසින්. ඇය ජාත්‍යන්තර බුකර් සම්මානයක් දිනාගත් පළමු ඉන්දියානු පරිවර්තකයා විමේ භග්‍යය ලබාගත්තාය.

මීට පෙර මෙම සම්මානය දිනාගත් ඉන්දියානු ජාතිකයා වූයේ ගීතාංජලී ශ්‍රී ය. ඒ 2022දී ඩේසි රොක්වෙල් පරිවර්තනය කළ ද ටොම්බ් ඔෆ් සෑන්ඩ් කෘතියටයි. ඒ වසරේ බුකර් සම්මානය හිමි වූයේ අපේ ශෙහාන් කරුණාතිලකටය.

මෙවර භානු මුෂ්ටාක් ඉතිහාසගත වන්නේ කෙටි කතා සංග්‍රහයකින් අතිශය ප්‍රථම වතාවට ජාත්‍යන්තර බුකර් සම්මානය දිනාගැනීමෙනි. 2016 වසරේ මෙහි පළමු සම්මානය දිනාගත්තේ ගිය වසරේ නොබෙල් සාහිත්‍ය සම්මානය දිනූ කොරියානු ලේඛිකා හැන් කැන්ග්ය.

අසල්වැසි ඉන්දියාව මේ මොහොතේ ඇගේ ජයග්‍රහණය සතුටින් බුක්ති විඳිමින් සිටින අතර අපේ රටේ මෙන් ඇගේ ජයග්‍රහණය හෑල්ලු කරන්නට හෝ පලුදු කරන්නට උත්සාහ දරන්නේ නැත. අහෝ ශෙහාන් ඔබ ඉන්දියාවේ ඉපදුණානම් කියා සිතෙන්නේ එවිටය. ඒ ඔබ ගැන සිතාය. හැබැයි ශෙහාන් තමන් ලාංකිකයෙකු වීම ගැන උපරිම තෘප්තිමත් බව මම දනිමි. පසුගිය පෙබරවාරියේදී ත්‍රිපුර සාහිත්‍ය උළෙලට ගීතාංජලී ශ්‍රී පැමිණියාය. අපි දෙදනාම එහි ආරාධිත කථිකයන් වීමු.

ඇයට එහිදී ලැබුණ උණුසුම් පිළිගැනීම බලා ඉන්නට තරම් අපූරුය. ආශ්වාදජනකය. චමත්කාරජනකය. “ඔබේ නවකතාවේ ප්‍රධාන චරිතය ඉන්දියාවෙන් පකිස්තානයට පැන යාමෙන් ඉන්දියාවට අපකීර්තියක් ගෙනාවා“ යනුවෙන් කිසිවෙකු පැවසුවේ නැත. ඔයාගෙ පොතට වඩා හොඳ පොත් අපේ සාහිත්‍යෙය් තියෙනවා කීවේද නැත. ඇයගේ කතාව අහන්නට තාගෝර් ශාලාව අතුරු සිදුරු නැතිව පිරී ගියේය. භානුටත් දීපාටත් අපේ හදපිරි සුබපැතුම්!

Rashmika Mandawala මුහුණු පොතෙන් උපුටා ගැනිණි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here