විප්ලවකාරිනියක ගැන සටහනක්

0
22

සිංහල භාෂාවෙන් පළ කෙරෙන සාහිත්‍ය කෘති වෙනුවෙන් නිහඬ මෙහෙවරක් කරන ලද සීතා විජේසූරිය නම් ලේඛිකාව සම්බන්ධයෙන් සේපාලී මායාදුන්න තබා ඇති ෆේස්බුක් සටහන පිළිබඳව දැඩි අවධානයක් යොමු වී ඇත.

සීතා විජේසූරිය නවකතා මාධ්‍යයෙන් කර තිබෙන නිර්භීත අත්හදා බැලීම් ඇතුලත් ඇයගේ නිර්මාණ පිළිබඳව සේපාලී මායාදුන්න විසින් වත්මන් පරපුරට හඳුන්වා දී තිබේ. එම සටහන උපුටා ගෙන පහත දැක්වේ.

20 වැනි සියවසේ විප්ලවකාරී සිංහල ලේඛිකාව – සීතා විජේසූරිය

එක දිගට බිහිවූ ප්‍රේම කතා රැල්ලක් රට පුරා පැතිර යමින් පැවතිණ . ඉඳහිට වෙනසකට සහ විප්ලවීය වෙනසකට කැස කැවූ ලේඛක ලේඛිකාවන්ද බිහිවී තිබිණි. මේ සියල්ලන් අතින් ලිංගිකත්වය, සමලිංගීකත්වය, කාන්තා හිංසනය, සූරාකෑම, දරිද්‍රතාව ආදී විවිද මංපෙත් ඔස්සේ සිංහල නවකතාව ගමන් කරන්නේ ඔවුන්ගේ අනුදැනුම .මතය.

ලාලිත්‍යයෙන් පමණක් නිරූපිත කාන්තාව එයින් බැහැරකර විප්ලවීය චරිතයක් ලෙසින් ඉදිරිපත් කෙරෙන්නේ සීතා විජේසූරිය අතිනි.

මේ 70 දශකයයි..සිංහල නවකතාවේ ප්‍රගමනයට හේතු වූ ලේඛිකාවන් අතුරෙන් විප්ලවීය වෙනසකට මග පෑදූ ලේඛිකාව සීතා විජේසූරිය බව අවිවාදිතය. නිදහස සහ සමානාත්මතාව පිළිබඳව අල්ප මාත්‍ර හැඟිමක් හෝ නොමැති සමාජයක කාන්තා -පුරුෂ නිසි තැන පිළිබඳව සීතා විජේසූරිය තරම් වෙන යම් ලේඛකයෙක් අවධානය යොමුකර නැත්තේය.

මේ කාන්තාව පිලිබඳ ඇගේ දැක්මයි. –

ගැහැණිය සයුරු ජලය මෙන් අපරිමිතය. නොසංසිඳෙන සුළුය. රල මෙන් ප්‍රචණ්ඩය. වෙරල ඉම මෙන් වෙනස් වෙන සුලුය .අනෙක වර්ණ හක් බෙලි, ගල් මල්, මසුන් මෙන් විචිත්‍රය. සංකීර්ණය.

කාන්තාව පිලිබඳ අගේ දෘෂ්ටිය පුළුල් මෙන්ම ගැඹුරු බවද මෙසේ දැක ගත හැකිය. මහා සයුරින් දිය දෝතක්, සතර බඹ විහරණ නවකතා හේතුවෙන් පසු කල අනුකාරක කෘති රැසක්ද බිහිවිය.

සතර බඹ විහරණ නවකතාවේදී ය කාන්තාව දකින්නී ,මහා බ්‍රහ්මයා ලෙසින්ය. සතර බඹ විහරණ දරන්නා මහා බ්‍රහ්මයාය. ඔහුට සම වන්නී කාන්තාවය.

පහන් පෙළ සම්මානය දිනාගත් ලේඛිකාවද සීතා විජේසූරියයි….

lankatruth.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here