හිරු නොබසින අධිරාජ්‍යයේ ආදරවන්තිය

0
17

විවෘත’, ‘හිතුවක්කාර’, ‘අධිෂ්ඨානශීලී’ – මේ ඔක්කෝම ලොකු, මහත වචන විතරයි. අපි පිරිමින්ව නිර්භීත හෝ විවෘත ලෙස විස්තර කරන්නේ නැහැ, මොකද පිරිමින් තමන්ට කියන්න ඕන දෙයක් කියනවා සහ කරන්න ඕන දෙයක් කරනවා, අපේක්ෂා කරනවා සහ අවසර දෙනවා. නමුත් කාන්තාවක් එහෙම කරනකොට, අපි ඇයට ලේබලයකින් ගහනවා, ඒක ඇලී තියෙනවා. මම හිතන්නේ මම හිතන දේ විතරයි කියන්නේ, මම අවංකයි!”

මෙසේ කියන ඇය‍ බ්‍රිතාන්‍ය අධිරාජ්‍යයේ අණ දෙන නිලධාරියා (CBE) වෙනවා. ලොව බලවත්ම පුද්ගලයන් 100 දෙනා අතරට එනවා.

සිනමාවේ මුරණ්ඩු හා සංකීර්ණ කාන්තාවන්ගේ චරිත සඳහා ප්‍රසිද්ධියක් ලබනව.

ඔස්කාර් නාම යෝජනා පහක් ලබාගත් ළාබාලතම රංගන ශිල්පිනිය වෙනවා. ලොව පුරා දහස් සංඛ්‍යාත පෙම්වතුන් අමන්දානන්දයට පත් කළ ”හිරුනොබසින අධිරාජ්‍යයේ ආදරවන්තිය වෙනවා. ”

ඈ TITANIC හි “.රෝස්. ”

” කේට් එලිසබෙත් වින්ස්ලට් ”

එංගලන්තයේ, රීඩින් හි සැලී ඈන් සහ රොජර් ජෝන් වින්ස්ලට්ට දාව 1975 ඔක්තෝම්බර් 5 වන දින උපත ලැබූ ඇය, බ්‍රිතාන්‍ය සම්භවයක් හිමි පරම්පරාගතව පැවත එන රංගන ශිල්පිනියකි.

ඇකඩමි සම්මානයක්, ගැමී සම්මානයක්‍, ප්‍රයිම් ටයිම් එමී සම්මාන දෙකක්, BAFTA සම්මාන පහක් සහ ගෝල්ඩන් ග්ලෝබ් සම්මාන පහක් ඇතුළුව තම ප්‍රතිභාපූර්ණ රංගන ජීවිතය තුළ ඇගැයීම් ගණනාවක හිමිකාරිත්වයක් ඇයට ඇත. බ්‍රිතාන්‍ය රූපවාහිනී කතා මාලාවකින් පහළොස් හැවිරිදි වියේදී රංගනයට පිවිසෙන ඇය, මුලින්ම සිනමාවට පිවිසෙන්නේ‍ හෙවන්ලි ක්‍රියේචර්ස් හි යොවුන්වියේ මිනීමරුවෙකුගේ රංගන⁣යකිනි. ඒ ඇය දාහත්වැනි වියේදී. එය නවසීලන්ත පුද්ගලයෙකු වටා ලියවුණු ‘පීටර් ජැක්සන් විසින් අධ්‍යක්ෂණය කරන ලද චිත්‍රපටයකි..

‘ජේන් ඔස්ටින්’ ගේ නවකතාවක් පාදක කරගෙන‍, ‘ඈන්ග් ලී’ විසින් අධ්‍යක්ෂණය කරන ලද සෙන්ස් ඇන්ඩ් ⁣සෙන්සිබිලිටි චිත්‍රපටයෙහි ඇය

‘මේරියන් ඩෑෂ්වුඩ්’ ගේ චරිතය සඳහා BAFTA සම්මානය දිනා ගත්තාය. බොක්ස් ඔෆිස් වාර්තා ගණනාවක් පිහිට වූ ජේම්ස් කැමරන්ගේ ආදර කතා මාලාවක් වන ටයිටැනික් (1997) හි “රෝස්” නම් ඇයගේ ප්‍රධාන චරිතය සමඟ ඇය ගෝලීය තරුවක් බවට පත් වූවාය. මෙම චිත්‍රපටය හොඳම චිත්‍රපටය ඇතුළුව ඇකඩමි සම්මාන එකොළහක් දිනාගත් අතර 22 හැවිරිදි වින්ස්ලට්ට සම්මානයක් හිමි විය. එය එවකට වැඩිම ආදායමක් උපයාගත් චිත්‍රපටය ද විය. ඇය ලොව පුරා ජනාදරයට පත් විය. එහෙත් ඇය එම චිත්‍රපටය‍, ඉහළ වැටුපක් ලැබීමට තෝතැන්නක් කර ගත්තේ නැත. ඇය හැමවිටම කියා සිටියේ‍, “තවමත් ඉගෙන ගැනීමට බොහෝ දේ ඇති බවත් තමා තරුවක් ලෙස නොසිතන” බවත්ය.

ඇගේ කැපී පෙනෙන මුල් චිත්‍රපට අතරට හෙවන්ලි ක්‍රියේචර්ස් (1994), සෙන්ස් ඇන්ඩ් සෙන්සිබිලිටි (1995) සහ හැම්ලට් (1996) ඇතුළත් විය.

ඊට අමතරව ඇය හොඳම කථන වචන ඇල්බමය සඳහා ග්‍රැමී සම්මානය දිනා ගත්තාය. ඒ ” The Face in the lake” කෙටි කතාව ළමා ශ්‍රව්‍ය පොතක් සඳහා විස්තර කිරීම වෙනුවෙනි.

ඇය රඟ පෑ “EternalSunshine of the Spotless Mind” චිත්‍රපටය සියලු කල්හිම 81 වෙනි ශ්‍රේෂ්ඨතම චිත්‍රපට රංගනය ලෙස ශ්‍රේණිගත කළේය. එය මූල්‍යමය වශයෙන්ද සාර්ථකත්වයක් ලැබීය. වින්ස්ලට් එය තමාගේ චරිත අතර කැමතිම චරිතයක් ලෙස සලකන අතර‍, ඔස්කාර් හා BAFTA සම්මාන උෙලළවල් හිදී

හොඳම නිළිය සඳහා නාමයෝජනා ලබා ගත්තාය. මෙම චිත්‍රපටය ඇගේ වෘත්තීයමය ජීවිතයේ හැරවුම් ලක්ෂ්‍යයක් සනිටුහන් කළ බව ඇය පවසා ඇත.

වින්ස්ලට් තම රංගන දිවියේ වඩාත් අනුකම්පා සහගත චරිතයක් රඟපෑවාය. ඒ “ද හොලිඩේ”. හිය. එය ලොව පුරා ඉතා විශාල මූල්‍ය ආදායමක් ලැබූවාය.

වින්ස්ලට් රඟපෑම මෙන්ම චිත්‍රපට නිෂ්පාදන‍ය‍, අධ්‍යක්ෂණය ද කළාය. ඒ අතර “ලී” ‍,” ද ජෙරම්” ඇය නිෂ්පාදනය කර රඟපෑ චිත්‍රපටවලින් අති සාර්ථක නිර්මාණ ⁣විය. මේ චිත්‍රපට දෙකෙහිම ඇගේ රංගනය වෙනුවෙන් ඇය ගෝල්ඩන් ග්ලෝබ් නාම යෝජනා ලබාගත් අතර‍,”ලී” චිත්‍රපටයේ නිෂ්පාදකවරියක් ලෙස ‍,විශිෂ්ට බ්‍රිතාන්‍යය චිත්‍රපටය සඳහා BAFTA නාමයෝජනා හිමිවිය .

ඇය 2007 දී බ්‍රිටැනියා සම්මානය‍, 2009 දී ‘සැන්ටා බාබරා’ ජාත්‍යන්තර චිත්‍රපට උ⁣ලෙළ සම්මානය ‍,2012දී ගෞරවනීය සීසර් සම්මානය‍, 2014දී’හොලිවුඩ් වෝක් ඔෆ් ෆේම්’ හි තරුවක් වැනි සම්මාන කීපයක් ලබාගෙන ඇත.

ඇය ජීවිතේ වැඩි කොටසක් තම දරුවන් වෙනුවෙන්, පවුල වෙනුවෙන් කාලය සොයාගන්නා ගෘහණියකි‍, මවකි. විවාහ තුනක් හිමි‍ විල්සන්ට් සමහරුන් පවසන අන්දමට “සාම්ප්‍රදායික නොවන” ⁣⁣ලෙස සැලකෙන පවුල් ව්‍යුහයක් තිබියදීත් එය ඇයට “පවුලක් තරම් අඩු” දෙයක් ලෙස නොදැනෙන බවත් ඇය නොසලකන බවත් කියයි. දරුවන්ගේන් දීර්ඝ කාලයක් දුරස් කරන වෘත්තීයමය අවස්ථා ඇය ප්‍රතික්ෂේප කරයි.

ශ්‍යාමා දේවිකා රණපති

rasanduna

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here