අමෙරිකාවේ ක්ලෙරෙසා ෂීල්ඩ්ස් (Claressa Shields) බොක්සිං බර පංති ත්‍රිත්වයක පළමු අවිවාදිත ලෝක ශූරිය බවට පත්ව සිටිනවා.
ඇය ලෝක හෙවිවේට් බොක්සිං රැජින බවට ද පත්වූයේ අමෙරිකාවේ ම ඩැනිඑලා පර්කින්ස් (Danielle Perkins) පරාජය කරමින්. කාන්තා හෙවිවේට් කිරුළ සඳහා මේ තරගය පැවතියේ මිචිගන් ප්‍රන්තයේ ෆ්ලින්ට් නගරයේ.

2012 සහ 2016 වසරවල ඔලිම්පික් ක්‍රීඩා උළෙලන් හි රන් පදක්කම් දිනා ගත් ෂීල්ඩ්ස් තරගයේ 10 වැනි සහ අවසාන වටය නිමාවීමට තත්පර කිහිපයක් පමණක් තිබියදී ප්‍රබල දකුණත් පහරක් මගින් මෙතෙක් අපරාජිත සිටි පර්කින්ස්ව බිම හෙලුවේ ඇගේ වෘත්තීය අපරාජිත ක්‍රීඩා වාර්තාව ජයග්‍රහණ 16ක් දක්වා වර්ධනය කර ගනිමින්.
විනිසුරුවන්ගෙන් ලැබුණු ලකුණු 97-92, 99-90 සහ 100-89ක මේ ජයග්‍රහණයත් සමග ක්ලෙරෙසා ෂීල්ඩ්ස් එදා මෙදා තුර අවිවාදයෙන් පිළිගැනෙන පළමු හෙවිවේට් බොක්සිං ශූරිය ලෙස ඉතිහාස පොතේ අලුත් පිටුවක් නිර්මාණය කළා.
29 හැවිරිදි ෂීල්ඩ්ස් මේ ජයග්‍රහණයෙන් පසුව බොක්සිං ක්‍රීඩාවේ හෙවිවේට්, මිඩ්ල්වේට් හා ලයිට්-මිඩ්ල්වේට් යන එකිනෙකට වෙනස් අංශ තුනේ අවිවාදිත ලෝක ශූරිය බවට පත්වූ පළමු බොක්සිං ක්‍රීඩිකාව හෝ ක්‍රීඩකයා ලෙසින් ද ඉතිහාසගත වුණා.

පසුගිය සතියේ තමාගේ උරහිසේ හටගත් ආබාධයක් පිළිබඳව තරගයෙන් පසුව අනාවරණය කළ ෂීල්ඩ්ස්, තමාට වම් අතේ ශල්‍යකර්මයකට යාමට සිදුවනු ඇතැයි කියා සිටියා.
සිය පළමු තරග පහ ම ජය ගෙන සිටි පර්කින්ස් ට ඇගේ ප්‍රතිවාදිනියට වඩා බර සහ උස ප්‍රමාණයේ වාසියක් තිබුණ ද, තරගය පුරා ම ඇය සිටියේ ෂීල්ඩ්ස් ට දෙවැනි වෙමින්.

(සටහන | වර්නන් ගුණසේකර)
ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී
[email protected]