අනෝජා වීරසිංහට හිතුන හැටි

    0
    58

    අගමැතිතුමිය ආචාර්ය හරිනි අමරසූරියගේ සහ විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක ඇමති ගේ සහභාගිත්වයෙන් United Nations Association Of Srilanka සංවිධානය පිරිනැමූ මේ සම්මානය පිරිනැමීමේ උත්සයේදී තමන් මුහුණ දුන් කරුණු තුනක් කෙරෙහි අවධානය යොමු කරමින් ජ්‍යෙෂ්ඨ රංගනවේදිනී අනෝජා වීරසිංහ විසින් සිය මුහුණු පොතේ සටහන් තබා ඇත.

    එම සටන සම්පූර්ණයෙන් උපුටා පහතින් දැක්වේ,

    “අගමැතිතුමිය ආචාර්ය හරිනි අමරසූරිය මෙනවිය අතින් United Nations Association Of Srilanka සංවිධානය පිරිනැමූ, මේ සම්මානය පිළිගනිද්දී, වෙනදා නොදැනුණු විශාල වෙනසක් මට දැනුනා. උදේ කාර්යාලයට ආපු විදිහෙන්ම දවල් 11 වෙද්දී පදනම් ආයතනයට පැමිණි එතුමිය, දොරෙන් ඇතුළු වෙනවා දුටු සැණින්ම එකවරටම මට නැගිටින්න හිතුනා. මේ අපේ රටේ අගමැතිතුමිය නේදැයි මට අභිමානයක් දැනුනා. සාමාන්‍යයෙන් එය මාහට සිදු නොවන්නක්. හතර වටෙන්ම ආරක්ශකයින් පිරිවරා ගෙන, නොමැති මහා බැරෑරුම්, ගාම්භීර බවක් අරෝපනය කරගත් නායකයින් අප්‍රමාන ලෙස දැක තිබුනු මට එතුමියත්, විජිත හේරත් ඇමතිතුමාවත් පෙනුනේ රටේ මිනිසුන්ගේ නියෝජනයක් ලෙස. ප්‍රථම වතාවට දුටු එතුමිය, කාන්තා අපේ නියෝජනයක් ලෙස. හැමෝ කෙරෙහිම තිබූ අව්‍යාජ ලෙන්ගතු බව, බෙහෙවින්ම ළගන්නා සුලුවූවා.

    බොහෝ අය අසුනෙන් නැගිට්ටේ නැත්තේ, ප්‍රභූවරුන් යැයි කියා ගත් අය , ඇඳ ගත්ත අය, එතන නොසිටි නිසාදැයි මා සිතුවා.

    ඇයගේ බුද්ධිමත් කෙටි දේශනය වැන්නක්, වසර ගනනාවකදී, මා පාර්ලිමේන්තුවේ කාන්තා නියෝජනයකින් අසා තිබුණේ නැහැ.

    කලාකාරියන් සහ සමාජ ක්‍රියාකාරීන් බොහෝ දෙනෙක්, ඉතා ලෙන්ගතු කමින්, උත්සවය අවසානයේදී එතුමිය සමඟ ඡායාරූපයක් ගැනීමට ලංවනවිට, එතුමිය එහාට මෙහාට තල්ලු වුනා. ඒ අව්‍යාජ සිනහවම මුවග රදවාගෙන ඡායාරූප වලට පෙනී සිටියා.කිසිම අපහසුතාවයක් මා දුටුවේ නෑ. කිසිම ආරක්ෂකයෙක් ඒ හිටපු අයව තල්ලු කරන්න, එහාට, මෙහාට යවන්න උත්සාහ කළෙත් නෑ.

    ඊ ලගට මා විජිත හේරත් ඇමති තුමා දෙස බලා සිටියා. මා දුටුවේ බොරු රංගනයක් නැති,මේ රටේ සාමාන්‍ය පව්ලක මිනිසෙක්. අප දෙස බලනවිට, ඔහුගේ පිරී ඉතිරී යන සිනහව තුල මා දුටුවේ, අප්‍රමාණ ගෞරවයක් මුසු ආදරණීය බවක්.

    මීට පෙර මා දැක තිබෙනවා බොහෝ දේශපාලකයින් තරුණ නිළියන් දෙස බලන ආකාරය.

    22 වෙනිදා අගමැතිනියකගේ සහ ඇමතිවරයෙකුගේ හැසිරීම තවමත් මට හරිහැටි හිතා ගන්නට නොහැකි තත්ත්වයක මා පසුවෙනවා.

    බොරුවම දැක ඇති, බොරුවලටම අවුරුදු ගණනාවක් රැවටුණු මිනිසුන්ටත්, මා හිතන්නේ මොවුන්ගේ මේ ක්‍රියාකාරකම් සහ හැසිරීම් තවමත් දිරවා ගන්නට නොහැකි වී ඇති බවයි. මේ වගේ මිනිසුන් ගැහැණුන් මේ රටේ සිටිනවාදැයි අවබෝධ කර ගන්නට බැරිව සිටින බවයි.

    සම්මානලාභිනියන් අතර අභින දියනියක වන මිශෙල් දිල්හාරාද සිටියා. ගුරුතුමිය සහ සිසුවියක එකම වේදිකාවක සම්මානයට පාත්‍රවූ ප්‍රථම අවස්ථාව මෙයදැයි මට හිතුණා. එම සම්මානය ලබන්නට ඇය සෑම අතින්ම සුදුසුකම් ලබනවා. ඇය විශිෂ්ට රංගන ශිල්පිනියක්. රංගන ශිල්පිනියකට අවශ්‍ය ගායනය, නර්තනය, සටන් කලාව, ඇතුළු බොහෝ දේවල් තවමත් වෙහෙස නොබලා ඉගෙන ගන්නා දිරිය දියණියක්.

    සිංහල සහ ඉංග්‍රීසි බසින් ජාතිකව සහ අන්තර්ජාතිකව, මේ රටේ තරුණ ප්‍රජාව නියෝජනය කරමින්, බුද්ධිමත්ව, දේශනා පවත්වන්නියක්.

    පරිසරයට අප්‍රමාණ ලෙස ආදරය කරන, පරිසරය සුරැකීමට බොහෝ වෙහෙස මහන්සිවී වැඩ කරන්නියක්.

    පාසැල් දරුවන් ඇතුළු සමාජයේ ඕනෑම අයවලුන් වෙනුවෙන්, ඔවුන්ගේ දියුණුව සඳහා ඇප කැපවී වැඩ කරන සමාජ ක්‍රියාකාරිනියක්.

    බොරු ආටෝප නැති, ඉතා සංවර, විනයානුකූලව, වෙහෙස මහන්සි වී සෑම දෙයක්ම, පිළිවෙලකට, නිවැරදිව කිරීමට නිරන්තරයෙන්ම උත්සාහ ගන්නා දිරිය දියනියක්.
    ඉතා සබකෝලයෙන් යුත්, අහිංසක පුංචි ගැහැණු ළමයෙක් ලෙස, අභින නිවසට පැමිණි ඇය, මේ වනවිට ස්ව උත්සාහයෙන්, අන්තර්ජාතික තලයේ තබන්නට පුළුවන් විසල් කාන්තා චරිතයක් බවට පත්වී සිටිනවා.

    මට ඇය ගැන අහිංසකව දැනෙන්නේ අප්‍රමාණ ආඩම්බරයක්.

    මිල මුදල්, ධනය, වස්තුව, හොයන්නට මරා ගනිමින් ඉදිරියට යන්න. ට සූදානමින් සිටින කාන්තාවන් බහුතරයක් සිටින රටක, ඈ වැනි උතුම් ගුණාංගයන්ගෙන් පිරිපුන්, අතිදක්ෂ, බුද්ධිමත්, ආචාරශීලී තරුණ දියණියක්, අප මව්බිමට උරුමවීම, දකින මා තුළ ඇති කරන්නේ අප්‍රමාණ වූ අස්වැසිල්ලක්, සැනසීමක්.

    බැට්න් එක අරන් දුවන්නට, තමන්ටත් වඩා බොහෝ ඉදිරියෙන් යන දරුවන් සිටීම ගුරුවරුන්ගේ හිත් වලට මොන තරම් සතුටක්ද.මගේ රට කොයි තරම් ලස්සනද? පින්වන්තද? කියලා හිතෙන, දැනෙන


    බෙල්ලන්විල අභින යෝගාශ්‍රමයේ සිට.

    අනෝජා වීරසිංහ.
    25/03/2025″

    This image has an empty alt attribute; its file name is image-694.png

    LEAVE A REPLY

    Please enter your comment!
    Please enter your name here