ජානමය හේතු නිසා ඇතිවන තයිරොයිඩ් රෝග

    0
    31

    තයිරොයිඩ් ග්‍රන්ථිය ආශ්‍රිත රෝග තත්ත්වයන් ගැන කතාකිරීමේදී අපි මුලින්ම මේ තයිරොයිඩ් ග්‍රන්ථිය හඳුනාගැනීම ඉතාම වැදගත්.මිනිස් සිරුරේ බෙල්ල ප්‍රදේශය ඉදිරියේ තයිරොයිඩ් ග්‍රන්ථිය පිහිටා තිබෙනවා. උරස් කුහරය ප්‍රදේශයට ආසන්නව පිහිටා තිබෙන තයිරොයිඩ් ග්‍රන්ථිය සමනළයකුගේ හැඩයෙන් යුක්ත අතර එය පිටතට පෙනෙන්නේ නැහැ. තයිරොයිඩ් ග්‍රන්ථියට යටින් “පැරා තයිරොයිඩ්” යනුවෙන් හැඳින්වෙන ග්‍රන්ථි දෙකක් තිබෙනවා. ඊට යටින් ස්නායු දෙකක් තිබෙනවා. එයින් අපේ කටහඬ පාලනය කරනවා. ඒ නිසා තයිරොයිඩ් ග්‍රන්ථිය ආශ්‍රිත ශල්‍යකර්ම සරල නැහැ. එය බෙහෙවින් සංකීර්ණයි. ඒ නිසා අපි තයිරොයිඩ් ග්‍රන්ථිය ආශ්‍රිත ශල්‍යකර්මයක් කිරීමේදී එය අත්‍යවශ්‍ය නම් පමණක් හැර සිදුකරන්නේ නැහැ.

    හෘද ස්පන්දනය යහපත් පරිදි පවත්වා ගැනීම
    මානසික මට්ටම යහපත්ව තබාගැනීම
    අපේ සම සහ හිසකෙස් යහපත්ව තබාගැනීම
    කාන්තාවන්ගේ ඔසප් චක්‍රය යහපත්ව තබාගැනීම
    මලපහ කටයුතු යහපත් පරිදි පවත්වා ගැනීම

      තයිරොක්සින් හොර්මෝනය අඩුවීම
      තයිරොක්සින් හොර්මෝනය වැඩිවීම
      තයිරොයිඩ් ග්‍රන්ථිය ආශ්‍රිත ගැටිති

      දිගුකාලයක් පවතින අයඩින් ඌනතාව
      තයිරොයිඩ් ග්‍රන්ථියේ ඇතිවන ආසාදන
      තයිරොයිඩ් ග්‍රන්ථියට විරුද්ධව ප්‍රතිදේහ නිපදවීම
      තයිරොයිඩ් ග්‍රන්ථියේ ඇතිවන ගැටිති නිසා වැඩිපුර තයිරොක්සින් හෝර්මෝනය නිපදවීම

      ■ අලසබව

      ■ නිදිමත

      ■ මානසික පීඩනය

      ■ මොළය හා ශරීරයේ ක්‍රියාකාරිත්වය අඩුවීම

      ■ අධික සීතල

      ■ සම ගොරෝසු වීම

      ■ හදවතේ ස්පන්දය අඩුවීම

      ■ හිසකෙස් ගිලිහීම

      ■ මලබද්ධය

      ■ ඔසප් චක්‍රය අක්‍රමත් වීම

      ■ මදසරුබව

      ■ මුලින්ම රෝගියා පරීක්ෂා කරනවා. හදවත වගේම බෙල්ල පරීක්ෂා කරනවා. රුධිර පරීක්ෂණයකින් මේ ගැන බලාගන්න පුළුවන්. මෙම TSH , T4 පරීක්ෂණය රුධිර පරීක්ෂණය සඳහා නිරාහාරව සිටීම අවශ්‍ය නැහැ.

      ■ බෙල්ල ආශ්‍රිතවඬ සිදුකරන අල්ට්‍රා සවුන්ඩ් ස්කෑන් පරීක්ෂාව.

      පිරිමින්ට සාපේක්ෂව කාන්තාවන්
      ජානමය හේතු
      තයිරොයිඩ් ආශ්‍රිත ගැටිති ඇති රෝගීන් ගැටිති නිසා ඇතිවන අවදානම ගැනත්
      ගැටිති විශාල වී ඉදිරියට නෙරා තිබීම නිසා ස්වාස නාලය තදවීම නිසා හුස්ම ගැනීමේ අපහසුතාවන්
      උරස් කුහරය තුළට නෙරා ගිය විට ධමනී අවහිර වීම

      තයිරොයිඩ් ග්‍රන්ථියේ ඇති ගැටිතිවල ස්වභාවය අනුව ප්‍රතිකාර ලබාදෙනවා. තයිරොයිඩ් ග්‍රන්ථිය ඉදිමුන රෝගීන් හැම දෙනෙක්ම පිළිකා රෝග තත්ත්වයක් නොවේ. ඒ නිසා සුදුසුකම් ලත් වෛද්‍යවරයකු හමුවිය යුතුයි. නමුත් 10% ක් පමණ තයිරොයිඩ් පිළිකා වීමට පුළුවන්.

      තයිරොයිඩ් පිළිකා මුල් අදියරේදී හඳුනාගත් විට 100% කින්ම සුව කරන්න පුළුවන්. මෙම ගැටිති ඉවත් කර අයඩින් ප්‍රතිකාර ලබාදීමෙන් සම්පූර්ණයෙන්ම සුවය ලැබෙනවා. ප්‍රතිකාරවලින් පසුව පිළිකා සෛල තිබෙනවාදැයි හඳුනාගැනීමට පරීක්ෂණ තිබෙනවා.

      ස්කෑන් පරීක්ෂාව
      FNAC- පරීක්ෂණය (Fine needle aspiaration Cytology)
      රුධිර පරීක්ෂාව
      පටක පරීක්ෂාවක් (Biopsy)
      මෙම පරීක්ෂණ වාර්තාවට අනුව පිළිකා සෛල ඉතිරිව ඇත්නම් නැවත ප්‍රතිකාර ලබාදීම සිදුවනවා.

      පවුල් ඉතිහාසයක් ඇත්නම් ඒ ගැන උපදෙස් ලබාගැනීම.

      මේ අන්දමින් ඔබට තයිරොයිඩ් ග්‍රන්ථිය ආශ්‍රිත රෝග තත්ත්වයක් ඇත්නම් ඒ ගැන නොසලකා හරින්න එපා. සුදුසුකම් ලත් වෛද්‍යවරයකුගෙන් ඒ ගැන උපදෙස් ලබාගැනීමෙන් ඔබට මෙම රෝග තත්ත්වය නිසා ඇතිවිය හැකි අතුරු අපහසුතාවන් අවම කරගෙන ජීවිතය යහපත්ව ගත කිරීමට හැකියාව ලැබෙනු ඇත.

      පුන්‍යා චාන්දනී ද සිල්වා

      උපුටා ගැනීම navaliya

      LEAVE A REPLY

      Please enter your comment!
      Please enter your name here