ප්‍රේම­වතී මන­ම්පේරි රට­ටම අයිති වස්තු­වක්

    0
    65

    ප්‍රේමවතී මන­ම්පේරිගේ චරි­තය වටා ‘කත­ර­ගම ප්‍රේමා’ නමින් වේදිකා නාට්‍යය නිර්මා­ණය කිරී­මට ප්‍රවීණ වේදිකා නාට්‍ය ශිල්පී සරත් දික්කු­ඹුර සමත් වෙයි. 1971 වර්ෂයේ කැරැල්ල සහ 2022 වර්ෂයේ දී ඇති වූ අර­ග­ලය යන දේශ­පා­ලන කැරැලි පිළි­බඳ රටේ තරුණ පිරිස දැනු­ම්වත් කිරීම මෙහි අර­මු­ණයි. කත­ර­ගම ප්‍රේමා වේදිකා නාට්‍යය අධ්‍යක්ෂණය කළ සරත් දික්කු­ඹුර සමඟ කළ පිළි­ස­ඳ­රයි.

    ‘කත­ර­ගම ප්‍රේමා’ වේදිකා නාට්‍යයේ තේමාව මොකක්ද ?

    දේශ­පා­ල­න­යේදී පව­තින රජය පෙරළා දම­න්නට ජන­තාව තුළින් ඇති­වන ප්‍රසිද්ධ විරෝ­ධය කැරැල්ල කියලා අපි හඳු­න්ව­නවා. 1971දී පව­තින රජය ඒවගේ කැරැ­ල්ලක් ඇති කළා. එහිදී ජීවිත දහස් ගණ­නක් රටට අහිමි වුණා. ඒ කැරැල්ල අව­සන් වුණා. ජීවිත නැති වුණා. ඒත් රටට දේශ­පා­ල­න­මය වෙන­සක් ඇති වුණේ නැහැ. ඒව­ගේම 2022දී ජන­තාව අර­ග­ල­යක් කළා. තරුණ පිරිස එහි මූලි­ක­ත්වය ගත්තා. ඒක සිදු වුණේ ඉතාම සාම­කා­මී­වත් ජීවිත සහ දේපළ කිසි­ව­කට හානි­යක් සිදු නොවන අයු­රි­නුයි. මේ දෙකම සිදු කළේ පව­තින රජය පෙරළා දැමීමේ චේත­නාව පෙර­දැ­රි­වයි. ඒවගේ අර­ගල තුළින් ජීවිත අහි­මි­වීම ඉතාම ශෝච­නී­යයි. එහෙම ජීවිත දේපළ අහිමි කරලා යම් පණි­වු­ඩ­යක් ඒක ආරම්භ කළ අය සතුව සද­හ­ටම තිබිය යුතුයි. ඒත්, අපිට දකින්න තිබෙන්නේ රැල්ලට පෙර­ළා­ගෙන ඉදි­රි­පත් වෙලා ක්‍රියා­කාරි වුණත් ඊට පසුව රටේ ජන­තාව අතර අර­මු­ණක් හෝ ක්‍රියා­කා­රි­ත්ව­යක් දකි­න්නට නැති­වී­මයි. ප්‍රේම­වතී මන­ම්පේරි සාහ­සික ලෙස මිය­ගියා. ඇය රට වෙනු­වෙන් කිරී­මට වෙර දැරුව කාර­ණාව ඉදි­රි­යට ආවේ නැහැ. ඒ ජීවි­තය රටට නැති වීම ඇයට, ඇයගේ පවු­ලට සහ රටට පාඩු­වක්.

    මම කාරණා දෙකක් පෙර­දැ­රිව නාට්‍ය හැදුවා. 1971දී කැරැල්ල මැඬ­ල­න්නට එව­කට සිටි රජය මිනි­සුන් මරා දැමුවා. මන­ම්පේරි ඒවගේ සාහ­සික ඝාත­න­යක්. ඒව­ගේම 2022 අර­ග­ල­යේදී ලේ බිඳු­ව­ක්වත් නොසොල්වා නාය­කයා යන්න ගියා. ඒවගේ රටක බලය අල්ලන්න ගියාම, සම­හරු මිනී මර­නවා සහ සම­හරු දාලා යනවා. රටට වෙන සෙතේ මොකක්ද කියලා අනා­ග­ත­යේදි රටභාර ගන්න සිටින පිරිස දැන­ගත යුතුයි. ඒනිසා පාසල් දරු­ව­න්ටයි, විශ්ව­වි­ද්‍යාල දරු­ව­න්ටයි මම මේ නාට්‍යය ඉලක්ක කළා. තරු­ණයෝ බලා­පො­රොත්තු වුණ දේ රටේ ඉතිරි වෙන­වාද? රටට අත්වන ඉර­ණම පිළි­බඳ වග­බ­ලා­ගැ­නීම වැනි ගැඹුරු හර­යක් නාට්‍ය­යෙන් දෙන්නට උත්සාහ කළා.

    ඒ වගේම රටක් කැරැ­ල්ල­කට, අර­ග­ල­ය­කට යද්දි මිනි­සුන්ට රැව­ටෙ­නවා. අපිට අවශ්‍ය මොන­වාද කියලා හරි­ය­ටම පැහැ­දිලි කර­ගත යුතුයි නැත්නම් අපි ජාත්‍ය­න්තර කුම­න්ත්‍ර­ණ­ව­ලට හසු­වෙ­නවා. ඒව­ගේම කොහො­මද බුද්ධි­මත්ව රටේ දේශ­පා­ල­න­යට සම්බන්ධ වන්නේ යන කාරණා පැහැ­දි­ලිව නාට්‍ය තුළ කතා කර­නවා.

    ඔබ මන­ම්පේ­රි­යගේ කතාව තුළින් ප්‍රේක්ෂ­ක­යාට දෙන්නට උත්සාහ කරන්නේ මොන­වාද ?

    හමු­දාවේ ඉහ­ළින් ලැබුණු අණක් නිසා පහළ හිටිය නිල­ධා­රි­යෙක් ක්‍රියා­ත්මක වෙලා කත­ර­ගම ප්‍රේමාව මරා දමුවා. ඉහළ නිල­ධා­රි­යෙක් කිවුව පම­ණින් පහළ සිටින නිල­ධා­රියා මානව හිමි­කම්, සාධා­ර­ණ­කම් නොතකා ඉහ­ළින් ආපු අණ ක්‍රියා­ත්මක කිරීම ලොකු වර­දක්. මානව හිමි­කම් තිබෙන රටක ඒවගේ ක්‍රියා­ත්මක වීම නීති­ග­රු­කද? උසස් නිල­ධා­රි­යකු දෙන අණක් ක්‍රියා­ත්මක කිරී­මේදී ඊට පහ­ළින් එය ක්‍රියා­ත්මක කරන නිල­ධා­රියා සිද්ධිය පිළි­බඳ නිවැරදි අව­බෝ­ධ­ය­කින් තොරව අණට කීක­රු­වීම තහ­නම් බව නඩු තීන්දු­ව­කින් ලබා දී තිබෙ­නවා. එහිදී අණ ක්‍රියා­ත්මක කළ නිල­ධා­රියා වර­ද­ක­රු­වකු වන බවත් එම තීන්දුවේ තිබෙ­නවා. එම තර්කය නීති පොතට පවා ඇවිත් තිබෙ­නවා. ඒ පිළි­බඳ සාකච්ඡා කරන්න මන­ම්පේරි ඝාත­නය යොදා­ගනු ලැබුවා.

    රංගන ශිල්පීන් තෝරා ගැනී­මේදී සැල­කි­ල්ලක් දැක්වූයේ කුමන කාර­ණා­ව­ල­ටද?

    ප්‍රවීණ සහ වර්ත­මාන වේදිකා නාට්‍ය ශිල්පීන් යන දෙගො­ල්ල­න්වම යොදා­ගත යුතුයි කියලා මගේ අර­මු­ණක් තිබුණා. ඒ නිසා ක්ලීටස් මෙන්ඩිස්, කුමාරි මුණ­සිංහ, අජිත් ලොකුගේ, ශාලිකා එදි­රි­සිංහ (මන­ම්පේ­රිය ලෙස), දොන් ගයි, ජීවන් හඳු­න්නෙත්ති වැනි ප්‍රවී­ණ­ය­නුත්, යෂ් වීර­සිංහ (ගාමිණී බාස් ලෙස), ඉෂාන් මෙන්ඩිස්, මලීෂා බණ්ඩාර, විජේ­සිරි මැණි­ක්පුර සහ සමන්ති මානගේ යන ශිල්පීන් සහ ශිල්පි­නි­යන් දායක කර ගත්තා. ඒ අය රටේ ප්‍රසිද්ධ කලා­ක­රු­වන් නිසා මගේ නාට්‍ය ජන­ප්‍රිය වීමට හේතු­වක් ලෙස බල­පෑවා.

    නාට්‍යය කරන්න තිබුණු අභි­යෝග මොන­වාද ?

    මට මේ නාට්‍යය කරන්න අවශ්‍ය මූල්‍ය පහ­සු­කම් තිබුණේ නැහැ. ඒ අව­ස්ථා­වේදී මගේ මිත්‍ර ප්‍රේම­දාස ජය­කොඩි මට උදවු කරන්න ඉදි­රි­පත් වුණා. ඔහු අපේ රටේ කලා කට­යු­තු­වල යෙදුණු කෙනෙක්. ඒත් දැන් අවු­රුදු 30කට වැඩි කාල­යක් ඉතා­ලියේ ජීවත් වෙනවා. ඔහු මට රුපි­යල් ලක්ෂ 15ක් ලබා දෙමින් නාට්‍ය නිෂ්පා­ද­න­යට දායක වුණා.

    1978දී තවත් කලා ශිල්පි­යෙක් ‘කත­ර­ගම රූම­තිය’ නමින් වේදිකා නාට්‍යයක් කරලා තිබුණා. ‘මේ නාට්‍යය කරන්න දෙන්න බැහැ’ කියලා ඔහුගේ පුතා මට අභි­යෝග කළා. ඒක මම මුහුණ දුන්න ඊළඟ අභි­යෝ­ග­යයි. ඒ පුද්ග­ලයා මට විරු­ද්ධව අප­රාධ විම­ර්ශ­නයේ පැමි­ණි­ල්ලක් කළා. මට ඒක බේර­ගන්න අප­රාධ විම­ර්ශන ඒක­කයේ පෙනී සිටි­න්න­ටත් වුණා. තුන් වතා­වක් මට එහි ඉදි­රි­පත් වෙමින් කරුණු පැහැ­දිලි කර­න්නට වුණා. ‘ප්‍රේම­වතී මන­ම්පේරි මුළු රටේම වස්තු­වක්’ බවත් මම නිල­ධා­රින්ට පැහැ­දිලි කළා. මේ නාට්‍යය එම නාට්‍ය­යම නොවන බව සහ ප්‍රේම­වතී මන­ම්පේ­රිගේ පවුලේ අය­ගෙන් යම් විරෝ­ධ­තා­වක් නොමැති නිසා මගේ නාට්‍ය කර­ගෙන යාමට බාධා­වක් නොමැති යැයි අව­සා­න­යේදී එහි නිල­ධා­රීන් තීර­ණය කළා. පසුව රැඟුම් පාලන නිල­ධා­රී­න්ටත් ඔවුන් මේක දැනුම් දුන්නා. ඒ අනුව මට නාට්‍ය කිරී­මට අව­ස්ථාව ලැබුණා.

    පාසල් දරු­වන් මේ නාට්‍යය නර­ඹන නිසා නිර්ව­ස්ත්‍රව ඇවි­දින ජව­නිකා සහ හමුදා නිල­ධා­රීන් ගිනි­අවි භාවිත කරන ජව­නිකා, මන­ම්පේ­රිව හමු­දා­වෙන් රැගෙන යන ජව­නිකා ආදිය ඉදි­රි­පත් කිරී­මේදී තාක්ෂ­ණි­කව වගේම නාට්‍ය­යට ගැළ­පෙන අයු­රින් නිර්මා­ණය කිරීම යම් අභි­යෝ­ග­යක් වුණා.

    මේ නාට්‍ය යම් ඇග­යී­ම්ව­ලට භාජ­නව වූවාද ?

    මම සම්මාන බලා­ගෙන වේදිකා නාට්‍ය නිර්මා­ණය කර­න්නෙක් නොවෙයි. අද තිබෙන වේදිකා නාට්‍ය නර­ඹලා යම් දෙයක් ගෙදර ගෙන­යා­මට හැකි­යා­වක් නැහැ. නර­ඹලා විනෝද වෙලා හිස් හිතින් යාමට ප්‍රේක්ෂ­ක­යාට සිදු වෙනවා. ඒව­ගේම මවු­පි­යන්ට සහ දරු­වන්ට එකට රස­වි­ඳි­න්නට නොහැකි දෙපැත්ත කැපෙන වද­න්ව­ලින් පිරි හර­යක් නැති නාට්‍ය වැහි­වැ­හැලා.

    වැඩි ප්‍රේක්ෂ­ක­යන් ප්‍රමා­ණ­යක් ආක­ර්ෂ­ණය හොඳම සම්මා­න­යයි. ඒත් මෙවර මම සම්මාන සඳහා ඉල්ලුම් කළා. මොකද මේ නාට්‍යයේ රංග­න­යට දායක වන කලා ශිල්පීන් සහ ශිල්පි­නි­යන්ට සම්මාන අව­ශ්‍යයි. ඔවුන් ලොකු කැප­කි­රී­මක් නාට්‍ය වෙනු­වෙන් කර­නවා.

    ඉදි­රි­යේදී කිරී­මට බලා­පො­රොත්තු වන කලා නිර්මාණ මොන­වාද?

    මම අවු­රුදු 39කට වැඩි කාල­යක් රජයේ සේවයේ රැකි­යාව කළා. ඉන් පසුව කලා ජීවි­ත­යට ඇවිත් චිත්‍ර­පට දෙකක් කළා. වේදිකා නාට්‍යත් කිහි­ප­යක් කළා. දැන් අත්දැ­කීම් ගොඩක් තිබෙ­නවා. ඒත් ජීවිතේ ඉදි­රි­යට ඉතිරි ටික කාලය යි.

    ඒ කාලය තුළ මගේ අත්දැ­කීම් තුළින් රටට යමක් දීම ජීවිතේ අර­මු­ණක් වී තිබෙ­නවා. කලා­වෙන් මුදල් හොය­න්නත් බැහැ. ඉදි­රි­යේදී නිකො­ලෝයි ගොගොල්ගේ ‘ද මැරේජ් ඉන්ද ප්ලේ’ වේදිකා නාට්‍යය කරන්න උත්සාහ දර­නවා.

    ඉරෝෂා දීපානි

    dinamina

    LEAVE A REPLY

    Please enter your comment!
    Please enter your name here